Ads 468x60px

.

මර්වින්ගේ මුන්නේෂ්වරන් විරෝධය පිටුපස ව්‍යාපාරික අරමුණක්

මුන්නේෂ්වරන් කෝවිලේ සත්ව ඝාතනයට එරෙහිව ඇමති මර්වින් සිල්වා නීතිය අතට ගෙන ඇත්තේ, ව්‍යාපාරික අරමුණු සඳහා බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු  පැවසීය.මර්වින් සිල්වා අමාත්‍යවරයා කැලණියේ ඉදිකර ඇති දේවාලයට මුන්නේෂ්වරන් කෝවිලෙන් බලවත් තර්ජනයක් වී ඇති බැවින්, මුන්නේෂ්වරන් කෝවිලට ඔහු විශාල ප‍්‍රචාරයක් ගෙන යමින් සිටී.

කැලණියේ කෝවිලෙහි ප‍්‍රධාන පූජකවරයා ලෙස මර්වින් සිල්වා මහතා බඳවා ගනු ලැබ ඇත්තේ, මුන්නේෂ්වරන් කෝවිලේ පූජකයෙකු වූ සෝම සාමි නමැත්තාය.මීගමුව ප‍්‍රදේශයේ කතෝලික කාන්තාවක් විවාහ කර ගැනීමත්, අධික මත්පැන් ලෝලයෙකු වීමත් හේතුවෙන් ඔහු මුන්නේෂ්වරන් කෝවිලේ ප‍්‍රධාන පූජක තනතුර හිමි නොවීය. එම තත්ත්වය යටතේ කැලණි කෝවිලේ සෝම සාමි මුන්නේෂ්වරන් කෝවිලේ පාලකයන් පිළිබඳව දැඩි වෛරයකින් පසුවන අතර, එම කෝවිලට එරෙහිව මර්වින් සිල්වා අමාත්‍යවරයාව උසි ගන්වනු ලබන බව අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ ලේකම්වරයෙකු අප කළ විමසීමකදී පැවසීය.

කැලණිය කෝවිලේ මාසික ආදායම මේ වනවිට ලක්‍ෂ 75 ඉක්මවා ඇති අතර, එයින් 60% ක කොටස මර්වින් සිල්වා අමාත්‍යවරයාට හිමිවෙයි. මෙම ආදායම් තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මර්වින් සිල්වා අමාත්‍යවරයා මුන්නේෂ්වරන් විරෝධී සටන අරඹා ඇත.මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ මුන්නේෂ්වරන් විරෝධී සටන සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේද ආශිවර්වාදය හිමි වී ඇත. මුන්නේෂ්වරන් කෝවිලේ පූජකයින් හා පාලක සභාව විපක්‍ෂයට වාසිදායක ලෙස කටයුතු කරන බව ජනාධිපතිවරයාගේ විශ්වාසය වී ඇති බැවින්, මර්වින් සිල්වා අමාත්‍යවරයා එම තත්ත්වය තම කෝවිලේ වැඩකටයුතුවලට වාසිදායක ලෙස යොදා ගෙන ඇති බව එම ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවද, මෙම තත්ත්වය යටතේ පෙරේදා (13) මුන්නේෂ්වරන් කෝවිලට කඩා වැදුනු මර්වින් සිල්වා අමාත්‍යවරයා, බිලිදීමට ගෙනැවිත් සිටි කුකුළන් සහ එලූවන් ලොරියක පටවා ගෙන ගෙන ගොස් තිබේ.
 
Related Posts with Thumbnails