Ads 468x60px

.

සුජීවාගේ සුදුවෙන පෙති තුනක් රුපියල් 105,000 ක් ලු

ජනපි‍්‍රය ගායිකාවක්  වන කේ. සුජීවා විසින් සුදුවීමට හා සුන්දරත්වය වර්ධනය කර ගැනීමට විශේෂ පෙත්තක් ගෙන්වා බෙදාහරින බව වාර්තා වේ. සුදුවීමට මෙම පෙති 3ක් පාවිච්චි කළ යුතු බවත් එම එක පෙත්තක මිල රුපියල් 36,000 ක් බවත් පැවසේ.මෙම පෙති තුනක් එකවර ගන්නේ නම් රුපියල් 105,000 ක මුදලකට ගත හැකි බවත් පැවසේ.සුජීවාගේ පෙත්ත මිල අධික වුවත් එය ලබා ගැනීමට නිළියන් හා ධනවත් ව්‍යාපාරික යන්ගේ බිරින්දෑවරු පොරකන බවත් මේ අතර වාර්තා වේ.

රූපශී‍්‍රය වර්ධනයකර ගැනීමට සුජීව නොයෙක් අකාරයේ ආලේපන, තෙල්වර්ග හා සාත්තු සඳහා බෙහෙත් ලබාදෙන බවත්, අදාල ආලේපන හා තෙල් වර්ගවල අඩංගු බෝතල්වල ලේබල් නොමැති බවත් මේ  අතර පැවසේ.සුජීවාට රූපලාවන්‍යාගාරයක් තිබෙන අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලූ දෙකක් සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලබයි.සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එම රූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලබන ප‍්‍රධානම ප‍්‍රතිකාර වේ.

සුජීවා, ඉන්දියාවේදී මනෝ විද්‍යාව සම්බන්ධයෙන් උපාධිය හදාරණ අතරවාරයේදී ලෝක ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියකු වන ශනාස් හුසේන්ගෙන් හර්බල් ඩිප්ලෝමාවක් ලබාගෙන ඇතැයිපැවසේ.
ඇයට සංගීතය පිළිබඳවවිශාරද උපාධියක් තිබෙන අතර ඇය ගායිකාවක් ලෙස ජනපි‍්‍රයත්වයට පත්වූයේ ‘ඉගිමරණ තරු රූන’ යන ගීතයත් සමගය.කේ. සුජීවා හා ජනපි‍්‍රය නිළි කාංචනා මෙන්ඩිස්ගේ උපන්දින යෙදී ඇත්තේ එකම දිනකදී බවඔවුන් දෙදෙනාම ඉපදී ඇත්තේ ජුනි මාසයේ 24 වැනිදින දී බවපැවසේ.

 
Related Posts with Thumbnails