Ads 468x60px

.

පියයුරු පෙන්නා උද්ඝෝෂණය කල කතුන් බලහත්කරයෙන් නිරුවත් කරලා

උඩුකය නිරුවතින් උද්ඝෝෂණ වල නිරත වන  කාන්තා සංවිධානයක කතුන් තිදෙනෙකු බෙලාරුසියාවේදී පැහැරගෙන ගොස් හිංසා කර ඇතැයි වාර්තා වේ. මෙලෙස හිංසාවට ලක්ව ඇත්තේ උඩුකය නිරුවතින් උද්ඝෝෂණය කිරීම සිය අවිය කර ගත් ෆෙමෙන් නම් යුක්රේන කාන්තා සංවිධානයේ සාමාජිකයෙන් තිදෙනෙකි.බෙලාරුසියාවේ මින්ස්ක් අගනුවර පැවති උද්ඝෝෂණයකට සහභාගී වීමෙන් පසුව පැහැරගෙන ගොස් ඇති මෙම සාමාජිකාවන් තිදෙනා දෑස් බැඳ කැලෑවකට ගෙන ගොස් ඇතැයි ෆෙමෙන් පවසයි.

මොවුන්ව බලහත්කරයෙන් නිරුවත් කොට, පිහි වලින් හිසකෙස් කපා, ඔවුන්ගේ සිරුරු වලට තෙල් වත් කර ඇති බවත්, ඔවුන්ට ගිනි තබන බවට තර්ජනය කර ඇති බවත් ෆෙමෙන් වැඩිදුරටත් පවසයි.මෙම සිද්ධිය වීඩියෝගත කර ඇති බවත්, පසුව නිරුවත්ව සිටි මෙම කතුන්අත්හැරදමා ගොස් ඇතැයි එම සංවිධානය වැඩිදුරටත් පවසයි.ෆෙමෙන් විසින් ඉදිරිපත් කළ ඇති චෝදනා බෙලාරුසියාවේ ආරක්‍ෂක අංශ විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

මේ අතර, මින්ස්ක් අගනුවර පැවති මෙම උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් 06ක්අත්අඩංංගුවට ගෙන ඇතැයි ඒ.ඇෆ්.පී. පුවත්සේවය වාර්තා කරයි.2008 දී පිහිටුවාගෙන ඇති ෆෙමෙන් සංවිධානයේ මේ වනවිට තරුණ කාන්තාවන් 300 දෙනෙකු පමණ සිටින අතර, ඔවුන් පවසන්නේ තම දෙවියන් කාන්තාව බවත්, තම පරමාර්ථය උද්ඝෝෂණය කිරීම බවත් තම අවිය නිරුවත් උඩුකය බවත් ය.
ඔවුන් මේ වන විට උද්ඝෝෂණ රැසක් සිදුකර ඇත.

 
Related Posts with Thumbnails