Ads 468x60px

.

මෙගා ටෙලිනාට්‍ය මුදල් ඉපයීමට නම් හොඳ මාර්ගයක් - ඕෂධී

මෙගා ටෙලිවල රගපෑම මගහැරණේ තමා එම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරුන්ගෙන් ඉල්ලූ මුදල ඔවුන්ට ගෙවීමට හැකියාවක් නොවීමෙන් බව  ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළියක් වන ඕෂධී හේවාමද්දුම කියයි. මෙගා නට්‍ය හදන්නේ එවැනි තත්ත්වයේ අය බවත් ඇය පවසන්නීය.ඇය මේ අදහස් දක්වා ඇත්තේ සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිණි.තමා මෙගා ටෙලියක රගපාන්නේ නම් මුදල් හා ජනපි‍්‍රයත්වය යන කාරණා දෙක සම්බන්ධයෙන් වැඩි උණන්දුවක් දක්වන බවත් ඇය පවසන්නීය.

මෙගා ටෙලියකින් නිර්මාණාත්මක දෙයක් කිරීමට නොහැකි බව පවසන ඈ නිර්මාණාත්මක දෙයක් කල නොහැකි වූවත් එය මුදල් ඉපයීමට නම් හොඳ මාර්ගයක් බවත් සදහන් කර තිබේ. විවාහයෙන් පසුව නිර්මාණවලට දායකවීම අඩු කිරීම නිසා පසුගිය කාලයේදී තමා සම්බන්ධ වූ නිර්මාණ අඩුවූ බවද ඔ්ෂධී පවසා ඇත.පසුගිය වසරේදී විකාශය වූ ඇබෑර්තු ඇත හා පින්න හරි සැරයි යන ටෙලිනාට්‍යවලට අමතරව තමා රංගනයෙන් දායකවූ ටෙලි නාට්‍ය 08ක් ඉදිරියේදී විකාශයවීමට නියමිතව ඇතැයි ද ඇය පවසා තිබේ.

 
Related Posts with Thumbnails