Ads 468x60px

.

අද පස්වරු 5.04ට අහස දිහා බලාගෙන ඉන්න - වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය


මේ වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (10) රාත්‍රියේ ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමේ අවස්ථාව උදාවේ.කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න පැවසුවේ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල්වලට මෙන්ම ඔස්ට්‍රේලියාවට ද මෙම චන්ද්‍රග්‍රහණය දර්ශනයවන බවය.මෙවැනි පුර්ණ චන්ද්‍රගහණයක් යළි ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන්නේ 2014 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ බව ද ඔහු සඳහන් කළේය.
ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ආචාර්ය චන්දන ජයරත්න මෙසේ පැවසීය."ග්‍රහණය ආරම්භ වන්නේ පස්වරු 5.04ට ප.ව. 6.16ට තමයි පෘථිවියේ වඩා අඳුරු වූ පූර්ණ ඡායාවට චන්ද්‍රයා ඇතුළු වන්නේ. නැගෙනහිර ක්ෂිතියෙන් සඳු පා‍යාගෙන එනවිට සවස් වරුවේ 6.16 සිට රාත්‍රී 9.47 තෙක් අපිට මේ ග්‍රහණය පියවි ඇසින් දැකබලා ගැනීමේ හැකියාව තියෙනවා. 7.30න් පසුව සම්පූර්ණයෙන්ම පෘථිවි ඡායාව තුළින් චන්ද්‍රයා ගමන් කරන නිසා මේ වේලාවේ සිට 8.27 දක්වා විනාඩි 51ක කාලයක් චන්ද්‍රයා නොපෙනී අඳුරුවීමට නියමිතය. 8.02ට තමයි ග්‍රහණ මධ්‍යය තියෙන්නේ. ඉතින් මේ කාලය තුළදි මෙසේ අඳුරු වුණාට පස්සේ නැවතත් ක්‍රමයෙන් නිරාවරණය වෙනවා. 8.27 න් පස්සේ 9.47 තෙක් අර්ධ චන්ද්‍රග්‍රහණය වශයෙන් අපිට දකින්න පුළුවන් 9.48 සිට 11.00 දක්වා කාලය කමයි ඡායා ග්‍රහණයේ අවසානය සිද්ධ වෙන්නේ"

 
Related Posts with Thumbnails