Ads 468x60px

.

කාරුණික නිවේදනයයි ( ශ්‍රී ලංකා පොලිසිය )

හුදෙකලාව පිහිටි නිවෙස්වල තනිව ජීවත් වන වයෝවෘද්ධ කාන්තාවන් සුරක්ෂිත කර ගැනීම සඳහා පියවර ගන්නැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.හුදකලාව පිහිටි නිවෙස්වල තනිව ජීවත් වන වයෝවෘධ කාන්තාවන් අපරාධකරුවන් විසින් ඝාතනය කල සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වූ අතර එවැනි කාන්තාවන් සිටින නිවෙස්වලට පැමිණ මුදල් සහ දේපළ කොල්ලකා ඔවුන්ද ඝාතනය කල සිදුවීම්වාර්තා වූ බව පොලිස් මූලස්ථානය පවසයි.විශේෂයෙන්ම තම වයෝවෘධ මව හුදකලාව නිවෙස්වල තබන දරුවන්, මෙම අපරාධ ප්‍රවනතාවය කෙරෙහි අවධානය යොමු කලයුතු අතර අපරාධකරුවන් මුදල් හෝ දේපල සොරකම් කිරීමට මෙවැනි කාන්තාවන් සිටින නිවෙස් තොරාගනු ලබන්නේ ඔවුනට කිසිම තර්ජනයක් ඇති නොවන නිසා බවට ‍අනාවරණය වී ඇත.

එම නිසා වයෝවෘධ මව හෝ මිත්තණිය හුදකලාව, හුදකලා නිවසක ජීවත්වේනම් හැකි සෑම අවස්ථාවකම ඔවුන්ට රැකවරණය ලබා දෙන ලෙසත්, රාත්‍රී කාලයේ එවැනි නිවෙස්වල ගේට්ටු, දොර, ජනෙල් විවෘත කර නොතබන ලෙසත්, යමකු කථා කලොත් හඳුනා නොගන්නේ නම් දොර ජනෙල් විවෘත නොකරන ලෙසත් උපදෙස් දෙන ලෙසත් පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙයි.
 
Related Posts with Thumbnails