Ads 468x60px

.

නිරෝෂි රූපවාහිනියට මාරුවූයේ යැයි ස්වර්ණවාහිනියේ ප‍්‍රධානියා හැඩූ කඳුලින්

ස්වර්ණවාහිනී නාලිකාවේ නිවේදිකාවක්වූ නිරෝෂි අබේසිංහ හදිස්සියේම ජාතික රූපවාහිනියට මාරුවූයේ ස්වර්ණවාහිනී නාලිකාවේ ප‍්‍රධානියෙකුගෙන් සිදුවන බලපෑම්වලින් බේරීමට බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
කෙසේවුවත් ඇය ස්වර්ණවාහිනියෙන් ඉවත්වීමට තීරණය කිරීමෙන් පසුව එහි පාලනාධිකාරියට මෙන්ම තමන්ගේ සහෝදර මාධ්‍ය සඟයන්ට කීවේද තමා ස්විස්ටර්ලන්තයේ පදිංචියට යාමට තීරණය කර ඇති බැවින් ස්වර්ණවාහිනියේ නිවේදන වෘත්තියට සමුදෙන බවයි.
කෙසේවුවද ඇය ස්වර්ණවාහිනියෙන් රූපවාහිනියට ගැසූ කරනමට තවත් අයෙක් හවුල් කර ගැනීම ද විශේෂ සිද්ධියකි. ඒ ඇගේ රූපවාහිනී වැඩසටහනේ හවුල්කරුවා වූ ජෝතිර්වේදී මංජුල පීරිස්ය.දැන් නිරෝෂි මංජුල සමගින් රූපවාහිනියේ තවත් ජෝතිර්වේදය පිළිබඳ වැඩසටහනකින් පුංචි තිරයේ පේ‍්‍රක්‍ෂකයන්ට ලංවී තිබේ.කෙසේවුද ස්වර්ණවාහිනියේ ප‍්‍රධානියා නම් පසුවන්නේ හැඩූ කඳුලින් බව එහි අභ්‍යන්තර ආරංචිවලින් වාර්තා වේ.

 
Related Posts with Thumbnails