Ads 468x60px

.

ගබ්සාව නිත්‍යානුකුල කරන්නේ විශේෂ කාරණා තුනක්‌ හින්දලු

විශේෂ කාරණා තුනක්‌ පදනම් කරගනිමින් ගබ්සාව නිත්‍යානුකුල කිරීමේ නව නීති ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
 
පවුලේ පියා හෝ ලේ ඥතීන්ගෙන් දූෂණයට ලක්‌වූ බාලවයස්‌කාර දැරියන්ගේ කුස පිළිසිඳගත් දරු ගැබ්, විකෘති කළල හා බාල වයස්‌කාර දැරියන් බලෙන් දූෂණය කිරීමෙන් හටගන්නා කළල මෙසේ ඉවත් කළ යුතු බවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා විසින් රජය ඇතුළු අදාළ අංශවල බලධාරීන්ට කරුණු ඉදිරිපත් කර ඇත


මෙවැනි කළල සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබාගන්නා අධිකරණ තීන්දු මත ගබ්සා කිරීමට නීත්‍යානුකූළව අවසර ලබාගැනීමට මෙමගින් හැකි වේ.

මේ
සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ළමා සංවර්ධන අමාත්‍යාංශය එක්‌ව විශේෂ කමිටුවක්‌ පත්කර ඇති අතර එමගින් මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනේ.

පුද්ගල
හා සමාජයීය අර්බුදවලට තුඩු දෙමින් උපදින දරුවන්ට සිදුවන හිංසන වැළැක්‌වීමටත්, හදාවඩා ගැනීමට හා මව්පියන්ගේ රැකවරණය අහිමිව නොයකුත් ජාවාරම්කරුවන්ට දරුවන් අලෙවිවීම වැළැක්‌වීම සඳහාත් ගබ්සාව නීතිගත කිරීම වහාම සිදුකළ යුතු බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා පවසයි.
 
Related Posts with Thumbnails