Ads 468x60px

.

අභිෂේකාගේ අලුත්ම අලුත් වැඩේ

දක්ෂ නිවේදිකාවක් වගේ ම ගායිකාවක ද වන අභිෂේකා විමලවීර අලුත් ම කර්තව්‍යයකට සූදානම් වෙනවා කියලා අපිට ආරංචියක් ලැබුණා. කලාකාමී පරිසරයක හැදී වැඩී ඉගෙනුමෙනුත් ඉදිරියටම ගිය අභිෂේකාගේ මේ අලුත් ම කාර්යය මොකක්ද කියල අපි ඇගෙන් අහලා බැලුවා.


“මේ දවස්වල මම කාර්යයන් කිහිපයක් සඳහා ම යොමු වෙලා ඉන්නවා. ඒ අතර මගේ අධ්‍යාපන කටයුතු වගේ ම මගේ මව පවත්වාගෙන යන ආයුර්වේද රූපලාවණ්‍ය කටයුතුත් වෙනවා. මේවා හොඳින් අධ්‍යයනය කරමින් තවත් හොඳින් සාර්ථකව පවත්වාගෙන යාමට මම සැලැසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ම විදේශ ගත වෙලා ‘Cosmetology’ උපාධිය සම්පූර්ණ කරන්න මම බලාපොරොත්තු වෙනවා.”

කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරිණියක වන අභිෂේකා එල්.එල්.බී - ලන්ඩන්’ උපාධිය සඳහාත් පෙනී සිටින්නට මේ දිනවල සූදානම් වෙනවා. සංගීත විශාරදවරියක ද වන අභිෂේකාට අපි සුබපතමු.

 
Related Posts with Thumbnails