Ads 468x60px

.

විවාහයේ සිත් තැවුල් මැද මනීෂා වෙරි මරගාතේ

මනීෂා කොයිරාලගේ ජීවිතය මේ වන විට කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙලා. ඇයගේ විවාහ ජීවිතය දෙදරුම් කෑම නිසයි, එවැනි වාතාවරණයක් මතුවී තිබෙන්නේ. පසුගියදා දැනගන්නට ලැබුණේ මනීෂා තම සැමියා වන සම්රාට් ධලාල් ගෙන් වෙන්වෙන්නට තීරණය කර ඇති බවයි.


සිත් තැවුල් මැද ජීවිතය ගත කරන මනීෂා, පසුගිය සතියේ අලුත් අවන්හලක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වුණා. මේ අවන්හලේ අයිතිකරුවා, ප්‍රශාන්ත් චෞධාරියි. ඔහු, මනීෂාගේ පැරැණි පෙම්වතායි. මේ උත්සව අවස්ථාවට එක්වුණු මනීෂා හොඳ හැටි මත්පැන් පානය කරලා. 

මේ නිසා ඇයට කෙළින් සිටගෙන සිටින්නවත් බැරිවෙලා. උත්සවය නිමවූ විට ඇය තම මෝටර් රථය වෙත පියමැන්නේත් තවත් කෙනෙකුගේ උදව් ඇතිවයි. ඇය වෙරි මරගාතේ වැනි වැනී මෝටර් රථයට ගොඩවෙනු අවට සිටි අය හොඳීන්ම දැක තිබෙනවා.

 
Related Posts with Thumbnails