Ads 468x60px

.

බිරිය නිරුවත් කර විකෘති ආශාවන් ඉටුකර ගත් සැමියෙක්

ළදරු පාසල් ගුරුවරයෙක්‌ වන 24 හැවිරිදි උපාධිධාරී සිය බිරිඳට පහර දී නිරුවත් කොට විකෘති කාම ආශාවන් ඉටුකර ගැනීමට තැත් කළ 30 හැවිරිදි උපාධිධාරී සැමියා පෙරේදා 9 දා රාත්‍රි කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සිය සැමියාගේ කෲර හිංසාවලට ලක්‌වූ කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.සැකකාර සැමියාගේ නිවස පරීක්‍ෂා කළ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් නිරුවත් ඡායාරූප සහිත සී. ඩී. තැටි හා නිරුවත් ඡායාරූප සහිත පොත් පත් රැසක්‌ ද අත්අඩංගුවට ගෙන ඇත.

පශ්චාත් උපාධිධාරී පාඨමාලාවක්‌ ද හදාරා ඇති මෙම සැකකරු ගෞරව උපාධිය සඳහා මේ සතිය තුළ පෙනී සිටීමට නියමිත බව ද පොලිසිය පවසයි.

සංචාරක මඟ පෙන්වන්නන් සමඟ සම්බන්ධතා පවත්වන මොහු වසර හතක ප්‍රේම සම්බන්ධයකින් පසුව සිය බිරිඳ සමඟ විවාහ වී ඇතැයි ද සිය බිරිඳ සමඟ අස්‌වාභාවික ලෙස හැසිරීමට මොහු රුචියක්‌ දක්‌වන අතර එයට අකමැති වූ විට බිරිඳට අමානුෂික ලෙස පහරදී නිරුවත් කර නිවසින් එළියට දමන බව ද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත
 
Related Posts with Thumbnails