Ads 468x60px

.

ශබ්ද විකාශනයෙන් දුන් විධානයට අනුව පාර පැන්න දරුවා දුම්රියට බිලි

පදික වේදිකාවට ගොඩවීමට නොහැකිවීමෙන් තෙල් ගෙනයන දුම්රියට යටවෙලා ...

තුඩැල්ල දුම්රිය ස්‌ථානයේ ශබ්ද විකාශනය මගින් දුන් දැනුම්දීමට අනුව දුම්රිය හරස්‌ මාර්ගය පැනීමට ගිය තුඩැල්ල ක්‍රිස්‌තුරාජ ජාතික පාසලේ 7 ශ්‍රේණියේ ෂමින්ද මධුභාෂණ තිලකරත්න (13) දරුවා අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටී පෙරේදා (14 වැනිදා) මරණයට පත්වීමේ ඛේදජනක සිද්ධියෙන් ප්‍රදේශයම කම්පාවට පත්ව තිබේ.
මොහු සමඟ ඉහළ පංතිවල පාසල් දරුවන් විසිදෙනකු පමණ රේල් පාර හරහා මාරුවී ඇති අතර මියගිය ශිෂ්‍යයාට පදික වේදිකාවට ගොඩවීමට නොහැකිවීමෙන් ඒ සමඟ පැමිණි තෙල් ගෙනයන දුම්රියට යට වූ බව සිද්ධිය දුටුවන් පොලිසියට පවසා ඇත.

මෙම ශිෂ්‍යයා දුම්රියට යටවූයේ ශබ්ද විකාශනය මගින් ඊළඟ වේදිකාවට යන ලෙස කළ දැනුම්දීම නිසා යෑයිද ශිෂ්‍යයින් පවසා තිබේ.මෙම අවාසනාවන්ත. ඉරණමට ගොදුරු වූ ශිෂ්‍යයා ක
ඳාන ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර තුඩැල්ල සිට කඳාන දක්‌වා යැමට ඔහු දුම්රිය ස්‌ථානයට පැමිණ ඇත.

මෙම මරණයෙන් දරුවාගේ මාපියන් දැඩි කම්පාවට පත්ව සිටින අතර මෙම ශිෂ්‍යයාට බාල සොයුරකු හා සොහොයුරියක සිටී. සිද්ධිය පිළිබඳව ජාඇල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර පොලිස්‌ සැරයන් රත්නායක සාක්‍ෂි මෙහෙයවීය.



 
Related Posts with Thumbnails