Ads 468x60px

.

ෆොන්සේකා නිදහස්‌ කරන්නේ කොන්දේසිවලින් තොරවයි

එහෙත් ෆොන්සේකා මහතා නිදහස්‌ කරන දිනය තමන්ට ස්‌ථිරව ප්‍රකාශ කළ නොහැකියි...ටිරාන් අලස්‌ 

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීම සම්බන්ධව තවත් කරුණු කිහිපයක්‌ පිළිබඳව සාකච්ඡා කිරීමට ඇති බැවින් එම සාකච්ඡාවලින් පසු ඒ මහතා නිදහස්‌ කළ හැකි බව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (16 වැනිදා) තමා සමග පැවැති සාකච්ඡාවේදී පැවසූ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා පැවසීය.
සරත් ෆොන්සේකා මහතාට අධිකරණය මගින් ලබාදී ඇති සිරදඬුවම් වලින් නිදහස්‌ කර ගැනීම සම්බන්ධව මෙම සාකච්ඡා පැවැත්වේ.

ඊයේ (16 දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති මෙම සාකච්ඡා ඉතා සුහද අයුරින් පැවැති බවත් සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීම සම්බ
න්ධව සුබවාදී අදහස්‌ පළවූ බවත් පැවසූ ටිරාන් අලස්‌ මහතා මෙම සාකච්ඡාවට යැමට පෙර තමා සරත් ෆොන්සේකා මහතා හමුවී ජනාධිපතිතුමන් හමුවීම සම්බන්ධව දැනුවත් කළ බවද කීවේය.

ඒ සම්බන්ධව සරත් ෆොන්සේකා මහතාගේ අකැමැත්තක්‌ නොතිබූ බවත් පැවසූ ටිරාන් අලස්‌ මහතා තමා ජනාධිපතිතුමන් හමුවී සාකච්ඡා පවත්වන සෑම අවස්‌ථාවකදීම සාකච්ඡා සඳහා සහභාගි වීමට පෙර සරත් ෆොන්සේකා මහතා හමුවී ඒ සම්බ
න්ධව දැනුවත් කරන බවද කීවේය.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සමග ඊයේ පැවැති සාකච්ඡාවෙන් පසු තමා සරත් ෆොන්සේකා මහතා හමුවීමට ඒ මහතා ප්‍රතිකාර ලබන නවලෝක පෞද්ගලික රෝහලට ගිය බවත් පැවැත්වූ සාකච්ඡා සම්බන්ධව දැනුවත් කර සුව දුක්‌ද විමසා බැලූ බවත් පැවසූ ටිරාන් අලස්‌ මහතා ෆොන්සේකා මහතා වෛද්‍ය ප්‍රතිකාර මත යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද සඳහන් කළේය.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා විසින් නිදහස්‌ කරනු ලබන්නේ කොන්දේසිවලින් තොරව යෑයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා පැවසීය.

සරත් ෆොන්සේකා මහතාගේ පාර්ශ්වයේ කිසිවකු ඒ මහතා වෙනුවෙන් ලි
ඛිතව හෝ වාචිකව ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා නැතැයි ද කීවේය.

සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීම වෙනුවෙන් රජයේ පාර්ශ්වයෙන් කිසිදු කොන්දේසියක්‌ ඉදිරිපත් නොකළ බව ඒ මහතා අවධාරණය කොට කියා සිටියේය.

රජය යම්කිසි කොන්දේසි ඉදිරිපත් කරන්නේ නම් මේ විටත් එම කොන්දේසි ඉදිරිපත් කර තිබිය යුතු යෑයිද නමුත් එවැනි කොන්දේසි කිසිවක්‌ මෙතෙක්‌ ඉදිරිපත් කර නැතැයිද ටිරාන් අලස්‌ මන්ත්‍රීවරයා පැවසීය.

කලක සිටම තමා ෆොන්සේකා මහතා නිදහස්‌ කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡා ඵල නෙළාගන්නා හා කාලය පැමිණ ඇතැයි සතුටින් පවසන බව කීවේය.

සරත් ෆොන්සේකා මහතාගේ නිදහස සම්බ
න්ධයෙන් කිසිදු තානාපතිවරයකු සමග සාකච්ඡ පවත්වා නැතැයි කී හෙතෙම ඉදිරි කාලයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරතවුවත්, නැතත් පළමුව විය යුත්තේ සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කර ගැනීම බවද පැවසීය.
ෆොන්සේකා මහතා නිදහස්‌ කරන දිනය තමන්ට ස්‌ථිරව ප්‍රකාශ කළ නොහැකි බවද කෙසේ වෙතත් ඉතා ඉක්‌මනින් ෆොන්සේකා මහතා නිදහස බුක්‌ති විඳිනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු කීවේය.
 
Related Posts with Thumbnails