Ads 468x60px

.

ස්ත්‍රී දූෂකයන්ගෙන් ජරාව කන පොලිසිය සහ මාධ්‍යවේදීන්

ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ...

ශ්‍රී ලංකාවේ පසුගිය වසර පහ තුළ ස්‌ත්‍රී දූෂණ 6343 ක්‌ සහ ළමා අපචාර සිද්ධීන් 15158 ක්‌ වාර්තා වී තිබේ.නමුත් මේ  දුෂණ සහ අපචාර සිදු කල පුද්ගලයන් බොහෝ දෙනෙකු නීතියේ සිදුරෙන්  බේරී ගොස් තිබේ. 

උදාහරණයක් ලෙස මිනුවන්ගොඩ මල්දෙනියගේ ප්‍රියදර්ශනී තරුණිය දුෂණය කල මාන්ගෙදර මුද්දරගම ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ (ජයසිංහ) නොහොත් මුද්දරගම කුකුල් චාලි අද සමාජයේ නිදහසේ සැරිසරන පුද්ගලයෙකි. මොවුන් සඳහා ලංකාවේ නිතිය ක්‍රියාත්මක වුයේ නැත. 

අලුත්ම සිද්ධිය  වාර්තා වුයේ අනුරධපුරයෙනි. අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකු  වන  පේමතුංග හේවා කණ්ඩම්බිගේ පුතා වන අනුරාධපුර තුන්වන පියවර පදිංචි නුවන් ප්‍රසාද් කණ්ඩම්බි විසින් පාසල නිමවී නිවස බලා ගමන්කරමින් සිටි දහතුන් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කරන ලදී. 

නමුත් ස්ත්‍රී දුෂකයා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලීසියට අවශ්‍ය නොවුයේ  පේමතුංග හේවා කණ්ඩම්බි යන  ව්‍යාපාරිකයා විසින් පොලිසියේ නිලධාරීන් අල්ලස් වලට මිලදී ගැනීම නිසාවෙනි. ස්ත්‍රී දූෂකයා මාස හතරක් නිදැල්ලේ සිටියේය. 

එසේම මෙම සිදුවීම ජාතික පුවත්පත් වලද පළ නොකිරීම  සඳහා අදාල පුවත් පත් වල මාධ්‍ය ඔස්තර්ලාටද කණ්ඩම්බි විසින් නිල් කොළ පුද තිබුණි. එසේම මාධ්‍ය නිදහස සමාජ සාධාරණත්වය ගැන කතා කරන සති අන්ත පුවත්පතක කතුවරයෙකුද පේමතුංග හේවා කණ්ඩම්බිගේ මුදල් හමුවේ දණ නමා තිබුණි. දැන් පොලිසිය සමග මාධ්‍යවේදීන්ද අපරාධකරුවන්ගෙන් ජරාව කති. එහෙව් රටකට ඉරද පායයි. 

-අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails