Ads 468x60px

.

විශ්ලේෂන කටයුතු සඳහා නිශ්චිත කාර්යාලයක් නොමැති හෙයින් ජනසංගණනය ඇණහිටලා

සංගණන ලිපිගොනු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ගොඩ ගහලා...

ජන සංගණනය අදාළ මූලික කටයුතු පසුගිය මාර්තු 27 වනදා අවසන් වුවත් එම සංඛ්‍යාලේඛන එකින් එක විශ්ලේෂණය කරමින් අවසන් වාර්තාව සැකසීමේ කටයුතු අතරමඟ ඇණහිට තිබේ.
එකී කටයුතු සඳහා මාස කිහිපයකට කාර්යාලයක් සහ ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්මේන්තුවේ ප්‍රධානියා කළ ඉල්ලීම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් මෙතෙක් නොසලකා හැර තිබීම එම තත්ත්වයට හේතු වී තිබේ.

එහි විශ්ලේෂන කටයුතු සඳහා නිශ්චිත කාර්
යාලයක් මෙතෙක් ස්ථාපිත නොමැති හෙයින් දිවයින පුරා සිදු කරනු ලැබූ සංගණන ලිපිගොනු ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ගොඩ ගැසී තිබේ.

එසේ වුවද ජුනි මස අවසන් වීමට පෙර සංගණනයට අදාළ අන්තර් කාලීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට සිදු වී ඇති අතර ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබියදී ඔහු පවසා ඇත්තේ දිස්ත්‍රික් කිහිපයක නියැදි සාම්පල කිහිපයක් යොදා ගනිමින් එම වාර්තාව ඉදිරිපත් කරන ලෙසයි. 


එවැනි වාර්තාවක් ඉදිරිපත් කළහොත් එය මුළුමනින්ම දෝස සහිත විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.

 
Related Posts with Thumbnails