Ads 468x60px

.

නේපාලයේ සිදුවූ ගුවන් අනතුරින් ප්‍රවීණා හි ළමා චරිතයට පණ පෙවූ ටරුනිත් මිය ගිහින්

මුත්තිනාම් කෝවිලට යන අතරමගදී යාන්ත්‍රික දෝෂයක්‌ඇවිත්...

නේපාලයේ සිදුවූ ගුවන් අනතුරින් ළමා නිලියක්‌ වූ ටරුනි සචාදේව්ද (14) මියගොස්‌ ඇත.ඇය සමග මෙම යානාවේ ඇගේ සොයුරිය හා මවද ගමන් කළ අතර ඔවුන්ද මරුමුවට පත්වී තිබේ.

නේපාලයේ හිමාල කඳු යායේ මුත්තිනාම් කෝවිල වෙත යන අවස්‌ථාවේ යාන්ත්‍රික දෝෂයක්‌ නිසා අග්නිඑයාර් යානාව කඩාවැටී ඇත.

2009 දී පා නමැති චිත්‍රපටයේ රඟපෑමෙන් වරුණි අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූවාය.ඔබ පා හින්දි චිත්‍රපටය නරඹූ අයෙක් නම් ඇය හොඳින් මතකයේ ඇති .එම චිත්‍රපටයේ අමිතාබ් බච්චන්  එනම් (Auro)ගේ යහළුවා ලෙස රඟපෑමේ මේ සුන්දර ළමා නිළියයි.

ලංකාව තුළද කළක් අතිශය ජනප්‍රිය වූ ඉන්දිය මෙගා නාට්‍යක් වන ප්‍රවීණා හි ළමා චරිතයට පණ පෙව්වේ ඇයයි. ඇය ඉන්දියාවේ වෙළඳ දැන්වීම් පනහක පමණද හින්දි හා දමිළ චිත්‍රපට රැසකද රඟපා ඇත.


 
 
Related Posts with Thumbnails