Ads 468x60px

.

සිරගතවී සිටින තම සැමියා හැකි ඉක්මණින් මුදා හරින බව ජනපති කීවා - අනෝමා ෆෝන්සේකා

දින කිහිපයක් ඇතුළත නිදහස් කරනවා ස්ථිරයි...ජනපති

සැමියා සියලු චෝදනාවලින් නිදහස් කර කොන්දේසි විරහිතව නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති තමාට පොරොන්දුවී යැයි සරත් ෆොන්සේකාගේ බිරිය අනෝමා    ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.
සිරගතවී සිටින තම සැමියා හැකි ඉක්මණින් මුදා හරින බව ජනපති පැවසීයැයි ඇය කියන්නීය. බදාදා රාත්‍රියේ තමා ජනපති හමුවූ බව ද ඇය සඳහන් කරන්නීය. මේ සම්බන්ධයෙන් ජනපති කාර්යාලයය කිසිත් කියා නැතත් ඔහු ‘දින කිහිපයක්‘ ඇතුළත නිදහස් කරනු ඇතැයි එහි නිලධරයෙක් ස්ථිර වශයෙන් ප්‍රකාශ කළ බව ද ප්‍රංශ පුවත් සේවය කියයි.

අනෝමා ෆොන්සේකා මහත්මිය ජනපති හමුවීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අරලිය ගහ මැදුරේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැයක පමණ සාකච්ඡාවක් පැවැත්වීය. 


ඉන් පසුව අලස් මහතා පැවසූවේ ෆොන්සේකා ඉක්මනින් නිදහස් කරන බව තමන්ට විශ්වාස බවයි. සුළු ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහා සාකච්ඡා කළ වත්, දවසකින් දෙකකින් පමණ එම ක්‍රියාවලිය අවසන් විය හැකි බවත් ඔහු කියා සිටියේය. ජනපති හමුවෙන් පසුව ටිරාන් අලස් මහතා නවලෝක රෝහලට ගොස් ෆොන්සේකා හමුවිය. විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් යටතේ ෆොන්සේකා එහි ප්‍රතිකාර ලබයි.

2010 ජනපතිවරණයේදී ජනපති සමග තරඟ කර පරාජය වූ ෆොන්සේකා පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය. යුද්ධාධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් නියමවීමත් සමග ඔහුගේ අසුන අහිමි විය.
 
Related Posts with Thumbnails