Ads 468x60px

.

රග්බි ක්‍රීඩක වසීම් තජූඩීන් නාරාහේන්පිට දී තාප්පයක හැපී ජීවිතක්ෂයට

තජුඩීන් ගමන්ගත් රථය තාප්පයේ හැපී ගිනි අරන් ...

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු මෙන්ම හැව්ලොක්ස් කණ්ඩායමේ ක්‍රීඩකයකු ද වන වසීම් තජූඩීන් අද (17) අලුයම නාරාහේන්පිට සිදු වු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.

අද අළුයම 2.00ට පමණ වසීම් මෙම අනතුරට මුහුණ දී තිබේ.පොලීසීය පැවසූවේ, තජුඩීන් ගමන්ගත් රථය තාප්පයක හැපී අනතුරුව ගිනි ගැනීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු 2003 වසරේ පාසල් රග්බි කණ්ඩායමේ නායකත්වය ද දරා තිබේ.

2008 වසරේදී ශ්‍රි ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කරමින් වසීම් හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියට ද සම්බන්ධ වු දක්ෂ ක්‍රීඩකයෙකි.28 හැවිරිදි වසීම්ගේ අවසන් කටයුතු අද සිදු කෙරිණි.





 
Related Posts with Thumbnails