Ads 468x60px

.

දිලිනිට ඉක්මනට අතීතය අමතක වෙනවලු...!

කලා ක්ෂේත්‍රයේ යාළු මිත්‍රයෝ නැහැලු කියන්නේ...
ගුවන් සේවිකාවක් වෙන්න කැමැත්තෙන් ඉඳල තියෙන්නේ...

පිනි අග පුලිඟු, මෙහි කුණු දැමීම තහනම් ටෙලා නාට්‍ය තුළින් ඔබ හමුවට එන දිලිනි ලක්මාලි නම් වූ ඇය ගැන අපි තොරතුරු විමසා බැලුවේ රංගන ශිල්පිණියකට එහා ගිය දිලිනිගේ සාමාන්‍ය ජීවිතයේ තතු පාඨක ඔබ වෙත ගෙන ඒමේ අදහසිනුයි.


සකුණි, සමාරා චරිතවලින් දිලිනිට ඇසූ පිරූකම් කියන චරිතය මොකක්ද?
සකුණි හොඳින් ඉගෙන ගත්ත දුප්පත් පවුලක ගැහැනු ළමයෙකි. සමාරා තාත්තාත් එක්ක විහිළු කරන අම්මට බය නංගි එක්ක රණ්ඩු කරන චරිතයක්. එකිනෙකට වෙනස් චරිත ලක්ෂණ තියෙන නිසා මම වගේ කියන්න පුළුවන් චරිතයක් නැහැ.

එහෙනම් දිලිනි මොන වගේ චරිතයක්ද?
එල්ලිත් එක්ක රණ්ඩු අල්ලන අම්මා තාත්තා එක්ක සහයෝගයෙන් විනොදයෙන් ජීවත්වෙන කෙනෙක්. අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වෙද්දි හිතුවා මෙවැනි දුරක් යන්න ලැබෙයි කියලා. කිසිම බලාපොරොත්තුවක්, අඩුම තරමින් මෙවැනි හැකියාවක් මා තුළ ඇති කියලවත් හිතුවේ නැහැ. අවුරුදු කුමරිය වෙලා පිනි බින්දු ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණු ගැම්ම නිසා තමයි මෙතරම් දුරක් ආවේ.

සිහිනය වුණේ මොන වෘත්තියද?
ගුවන් සේවිකාවක් වෙන්න. ඒ දවස්වල එයාර් හොස්ටර්ලාගේ පින්තූරත් එකතු කළා මට මතකයි.

තාමත් සිහිනය සැබෑවක් කර ගන්න පමා නැහැ නේද?
අගය කිරීමක් ලැබෙන්නේ රඟ පෑමෙන් නිසා දැන් මගේ ටාගට් එක හොඳ රංගන ශිල්පිණියක් වීම.


නමුත් දැන් ක්ෂේත්‍රයේ තරඟකාරිත්වය වැඩියි නේද?
මට පැවරුණු වගකීම හොඳට කරනවානම් ඒ කමෙන්ට් එක ලැබෙන්නේ මට. ඒ නිසා මට කවදාවත් කාත් එක්කවත් තරග කරලා ඉදිරියට යන්න අවශ්‍යතාවයක් නැහැ.

ඒ මත ඉදිරි මග ගොඩ නගා ගත හැකි වේවිද?
ඒක බලාපොරොත්තුවක්. රංගනය ගැන නොදැන මම ක්ෂේත්‍රයට අවේ. ඒ නිසා ගෙවුණු වසර හතර තුළත් අදත් මම රංගනය ඉගෙන ගනිමිනුයි සිටින්නේ. ඒ නිසා අද වෙනකොට ගොඩ නගා ගෙන තියෙන රංගන පරාසය ගැන සෑහීමකට පත් වෙනවා සහ සාර්ථක රංගන ශිල්පිණියක් වීමේ අඩිතාලම ගොඩ නගමිනුයි සිටින්නේ.

අද ඔබේ වෘත්තිය රංගනයද?
ඔව්.

හෙටත් ඒ අරමුණීන්මද කටයුතු කරන්නේ?
මම දකින විදිහට රංගනය කියන්නේ අස්ථිර ක්ෂේත්‍රයක්. එක දිගටම නිර්මාණ ලැබෙන්නත් පුළුවන් අවුරුද්දක් වුණත් නිර්මාණ නොලැබී යන්නත් පුළුවන්. ඒ නිසා ඉදිරි අනාගතයට පිටිවහලක් වෙන විදිහට රූපලාවාන්‍ය පැත්තෙන් හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

ඇයි සිනමාවට වේදිකාවට නොයන්නේ?
මම සම්බන්ධ වුණු එකම සිනමා නිර්මාණය කපිල ක්‍රිෂාන්ත සූරියආරච්චිගේ ප්‍රතිරූ ඉදිරියේදි තිරගත වීමට නියමිතයි.

දිලිනිට ඉක්මනින් අතීතය අමතක වෙනවා කියන්නේ ඇත්තද?
මට තේරෙන කාලේ ඉඳලා උදව් කරපු සහ නොකරපු හැමෝම මට හොඳට මතකයි. වර්තමානය තුළ ජීවත් වෙන නිසා අනාගතය ගැන කිසිම බයක් නැහැ.

කලා ක්ෂේත්‍රයේ යාළු මිත්‍රයෝ නැහැ කියන්නේ?
වෘත්තීය හිතවත්කම් මිස ඇත්තටම මේ ක්ෂේත්‍රෙය් යාළු මිත්‍රයෝ කිසිම කෙනෙක් මට නැහැ. ඒ නිසා පාසල් මිත්‍රයින් තමයි මගේ හොඳම යාළුවෝ.

තිරයේ පෙම්වතුන්ගේ ආරාධනා ලැබිලා ඇති නේද?
එහෙම අත්දැකීම් නම් නැහැ.

ඒ සැබෑ ජීවිතේ පෙම්වතෙක් සිටින නිසාද?
වෙන්න ඇති. ක්ෂේත්‍රයට ආවට පස්සේ තමයි ඔහුව මට මුණ ගැසුණේ. කලාවට සම්බන්ධ කෙනෙක්. අපේ සම්බන්ධෙට දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබිලා තියනවා. දැනට විස්තර ඒ ඇති.

විවාහයෙන් පස්සේ රංගනයෙන් ඈත් වෙනවද?
දැනට එහෙම බලාපොරොත්තුවක් නැහැ. රංගන ශිල්පිණියක් හැටියට යම් තැනක් ගොඩ නගා ගෙන විවාහ වෙනවා.

කවදා හෝ හිතුණොත් දැන් රඟපෑවා ඇති කියලා. එදාට මොකද කරන්නේ?
රූපලාවන්‍ය හදාරන්නත් හිතුවේ ඒ අරමුණ ඇතිව තමයි.

වෙනස් වන ලෝකයේ විලාසිතාවන්ට ඔබ මුහුණ දෙන්නේ මොන විදිහටද?
මම ඒවා බලලා සතුටු වෙනවා. මොකද මම සාමාන්‍ය ජීවිතේ කරාබු දෙකක්වත් දාන්නේ නැති, රබර් සෙරෙප්පු දෙක දාගෙන යාපනේ වුණත් ගිහින් එන්න පුළුවන් සරල චරිතයක්.
 
Related Posts with Thumbnails