Ads 468x60px

.

දෙතුන් දෙනෙක් එක්ක යාළු වෙලා කෙනෙක් තෝර ගන්න මට බෑ - තිසුරි

මේ දවස්වල බොහෝ දුරට දවස ගෙවෙන්නේ නුවරයි කුලියාපිටියයි අතර...

තිසුරි යුවනිකා මද්දුමලියනගේ එහෙමත් නැත්නම් බොහෝ දෙනා දන්නා ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලිගේ දියණියයි. 

මෑත කාලයේ විකාශය වූ නිර්මාණ කිහිපයක් අතර පෙනී සිටි ඇය චරිතාංග රංගන ශිල්පිණියක් ලෙසට නිතර දෙවේලේ හමුවන චරිතයක්.ඇය ගැන විමසුවේ වර්තමාන තතු විත්ති ගැන දැන ගැනීමටයි.


තිසුරිට ගෙදර ඉන්න වෙලාවක් නැහැ කියන්නේ ඇත්තද?
ඔව්, මේ දවස්වල බොහෝ දුරට දවස ගෙවෙන්නේ නුවරයි කුලියාපිටියයි අතර තමයි.


ඇයි ඒ?
ජනක සුරංජිත්ගේ බොරළු පාරයි, වසන්ත කුමාරසිරිගේ ෆෙංෂු ගෙදරයි නාට්‍යවල ෂූටින් නිසා.


දැන් ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?
අවුරුදු හතරෙදි තමයි මුලින්ම නාට්‍යයක රඟපෑවෙ. එදා ඉඳලා අද වෙනකම් වසර දාසයක් විතර නිර්මාණ අතර රැඳිලා ඉන්නවා..


තවමත් අම්මාගේ කැමැත්තටද නිර්මාණ තෝරගන්නේ?
ඔව්, මම හිතනවා අම්මට මේ ක්ෂේත්‍රය ගැන දැනුමක් තියෙන කෙනෙක් නිසා තෝර ගන්න නිර්මාණ ගැන ඇය සමග කතා කිරීමේ වරදක් නැහැ කියලා.


ඔබ තෝරාගන්නා චරිතයකට අම්මා විරුද්ධ වුණොත්?
හේතුවක් ඇතිවනේ අම්මා එහෙම කියන්නේ. මම තර්ක කරන්න යන්නේ නැහැ. ඇගේ වචනෙට මම එකඟ වෙනවා.


අම්මා කිව්වොත් දැන් රඟපෑවා ඇති කියලා?
හැමදාමත් කියනවා වගේ රංගනය මට අම්මාගෙන් ලැබුණු දෙයක්. ඒ නිසා මට නුහුරු තැනක් නොවෙයි. අම්මා කිව්වොත් දැන් රඟපෑවා ඇති කියලා මම නවත්වනවා. අධ්‍යාපනය පැත්තෙන් සුදුසුකම් මත රැකියාවක් කරනවා.


තිසුරි රංගන ශිල්පිණියක් නොවුණා නම්?
ගුවන් සේවිකාවක් වෙන්න ඉඩ තිබුණා.


දැන් ඒ සිහිනය දකින්නේ නැද්ද?
උසස් අධ්‍යාපන කටයුතුයි ටෙලිනාට්‍යවලට දින වෙන් කරලා තියන නිසා කාලය මදි.


දැන් පූර්ණ කාලීනව රංගන ක්ෂේත්‍රෙය්ද නියැලෙන්නේ?
ඔව්, නමුත් මුදල් ඉපයීමේ අරමුණෙන් රඟපාන්නේ නැහැ.


ඒ කියන්නේ අනාගත වෘත්තිය මත රංගනයෙන් ඈත් වෙනවද?
අම්මාගෙන් ලැබුණු ඒ දායාදයෙන් කවදාවත් මම ඈත්වෙන්නේ නැහැ. දොඩම්ගොඩ බදාගත්තා වගේ ඔක්කොම කරන්නේ නැතුව සුදුසුකම් මත හොඳ වෘත්තියක නිරත වෙන අතරේ සාර්ථක නිර්මාණවලට සම්බන්ධ වෙනවා.


ටෙලිනාට්‍ය රංගනයට විතරක් සීමා වෙලා ඇයි?
සිනමාවට සම්බන්ධ වෙන්න නම් කැමතියි. වේදිකාවට නම් එතරම් දක්ෂතාවයක් ඇති කියලා මම හිතන්නේ නැහැ.


ඇයි තමන් ගැන අවතක්සේරුවෙන් කතා කරන්නේ?
වේදිකාව රංගන පාසලක් වගේම ඒ මත ලොකු නිදහසක් තියෙන බව ඇත්ත. නමුත් නොකරපු දෙයක් හිතේ චකිතයකින් කරන්න යනවට වඩා නොකර ඉන්න එක හොඳයිනේ.


ඉක්මන් ජනප්‍රියත්වයක් ඔබ සොයා ආවේ මව නිසා කිව්වොත් පිළිගන්නවද?
අනිවාර්යෙන්ම. තිසුරි යුවනිකා නමින් දන්න පිරිසට වඩා සුසන්තිකා චන්ද්‍රමාලිගෙ දුව කිව්වහම දන්න පිරිස වැඩියි. ඒ තුළ මම හිතනවා රැකවරණයක් වගේම ආරක්ෂාවක් තියනවා කියලා.


ඒ වගේම දේශපාලනයට එන්න අනාගත බලාපොරොත්තුවක් තියනවද?
කවදාවත්ම නැහැ. හිතන්න තියා මම කතා කරන්නවත් අකමැති මාතෘකාවක්.


ඔබ හිතන්නේ ගැහැනියක් ලස්සන විය යුත්තේ බාහිරවද? අභ්‍යන්තරවද?
පිට පෙනුමට වඩා ඇතුළතින් පිරිසිදු සහ අවංක වුණහම ඕනෑම කෙනෙක් ලස්සනව පේනවා. ඒ නිසා ගැහැනියක් බාහිරව වගේම අභ්‍යන්තරවත් ලස්සන වෙන්න ඕන.


ඔබ රූපලාවන්‍යයට එතරම් නැඹුරුවක් නැහැ කිව්වොත්?
අනිවාර්යෙන්ම මම විතරක් නොවෙයි. අම්මත් එහෙමයි. නිර්මාණවලට තෝරගනිද්දි වුණත් අපි දෙන්නගෙ මූණටම සමහර අධ්‍යක්ෂකවරු කියනවා විච්චූර්ණ කරලා කැපිලා පේනවට වඩා අපි ඔයාලගෙ ස්වභාවික ලස්සනට කැමතියි කියලා.


නමුත් ඉඳිකටුවට නූල වගේ නේද නිළියකට රූපලාවන්‍ය?
ඔව්. වෙන්න පුළුවන්. නමුත් පොඩි කාලේ ඉඳලාම මම ඒවා දැකලා තිබුණේ නැහැ. ඒ වගේම නිළයකට පෙනුමට ලස්සනට ආකර්ෂණයට ඉන්න ඕනේ තමයි. නමුත් මම හිතන්නේ නැහැ ඒකට රූපලාවන්‍ය අවශ්‍යයි කියලා. ඒක තමන්ගේ කැමැත්ත.


තවමත් තිරයේ පෙම්වතිය පමණක්ද?
තාම ඒ ගැන හිතලවත් නැහැ. මොකද දෙතුන් දෙනෙක් එක්ක යාළු වෙලා කෙනෙක් තෝර ගන්න ජාතියේ ගෑනු ළමයෙක් නෙමෙයි මම.
 
Related Posts with Thumbnails