Ads 468x60px

.

සනත් ජයසූරිය බැටින් පිචි එකෙන් ඩාන්සින් පිචි එකට

මෙම වැඩසටහනට කලර්ස් ටීවී විසින් සනත්ට විශාල මුදලක්...

ශ‍්‍රී ලංකාවේ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සනත් ජයසූරිය පිතිකරුවන් රැඳෙන බැටින් පිචි එකෙන් ඩාන්සින් පිචි එකකට මාරු වී ඇතැයි වාර්තා වේ.



ඒ, ඉන්දියාවේ සුපිරි තරු තරග කරන රියැලිටි වැඩසටහනක් වන ’ජලක් දික්ලා ජා’ (Jhalak Dikhlaa Jaa) හි මීළග වැඩසටහන් මාලාවට එක්වීමට ආරාධනා ලැබිමෙන් අනතුරුවයි.

ඉන්දියාවේ කලර්ස් ටීවී නම් රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිත මෙහි විනිශ්චය මඩුල්ලට සුපිරි බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත්, සුපිරි චිත‍්‍රපට නිෂ්පාදන කරන් ජොහාර් හා සුප‍්‍රකට නර්තන නිර්මාණකරු හා සිනමා නිර්මාණකරු රෙමෝ ද සූසා එක්වෙයි.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් සනත් පෙනී සිටින පූර්ව ප‍්‍රචාරක දර්ශන පෙළක් ද මේ වන විට කලර්ස් ටීවී විසින් නිකුත් කර ඇත.
43 හැවිරිදි සනත් ජයසූරියට නැටුම් සහ ගැයුම් පිළිබඳව විශේෂ පුහුණුවක් නැතත් මෙම සංදර්ශණය උදෙසා විශේෂ පුහුණුවක් ලැබීමට නියමිත බව වාර්තා වේ.

මෙම වැඩසටහන සඳහා ඉදිරිපත් වීමට කලර්ස් ටීවී විසින් සනත් හට විශාල මුදලක් ගෙවා ඇතැයි ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණද, මේ පිළිබඳව අදහස දැක්වීමට එම ආයතනය ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.


 
Related Posts with Thumbnails