Ads 468x60px

.

මාලනීගේ ඉල්ලා අස්වීම ජනපති බාර අරන් නෑ..

මාලනීට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඊයේ ඇයට දැනුම්දී තිබුනාලු...

පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයෙන් ඉවත් වීමට මාලනී ෆොන්සේකා මහත්මිය ගෙන ඇති තීරණය ජනාධිපති  මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රතික්ෂේප කළ බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල ජයසේකර මහතා පවසනවා.

මාලනි ෆොන්සේකා මහත්මිය  එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් අද දහවල් ඉල්ලා අස්වුනා
. එම ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ද ලැබී ඇති බව  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ද තහවුරු කලා.

මේ අතර උතුරු මැද හිටපු මහ ඇමතිවරයා පාර්ලිමේන්තුවට නො ඒමට තීරණය කර තිබීම මාලනී  ෆොන්සේකා මහත්මියගේ ඉල්ලා අස්වීම  බාර නොගැනීමට හේතු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා
.


මන්ත්‍රී ධූරය අත් හරින මාලනීට ඉතා වැදගත් තනතුරක්.

බර්ටිට පාර හදන්න මාලනී ෆොන්සේකා ඉල්ලා අස්වේ. 


මාලනී ෆොන්සේකා අද සවස ජනාධිපති ලේකම් කාර්‍යාලයට

අන්තෝජටා බහි ජටා - ඇතුළෙත් ගැට පිටත් ගැට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අද හැම තැනම ගැට.



බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාත්, ඔහුගේ සමීපතම සගයා වන උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ජනක මහේන්ද්‍ර මහතාට අද පෙරවරුවේ පැවති දිවුරුම්දීමේ උත්සවය ද වර්ජනය කර තිබුනා
.

උතුරු මැද හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සදහා, ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට මාලනී ෆොන්සේකා මහත්මියට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඊයේ ඇයට දැනුම්දී
තිබුනා.


මන්ත්‍රී ධූරය අත් හරින මාලනීට ඉතා වැදගත් තනතුරක්.

බර්ටිට පාර හදන්න මාලනී ෆොන්සේකා ඉල්ලා අස්වේ. 


මාලනී ෆොන්සේකා අද සවස ජනාධිපති ලේකම් කාර්‍යාලයට

අන්තෝජටා බහි ජටා - ඇතුළෙත් ගැට පිටත් ගැට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අද හැම තැනම ගැට. 

කොතරම් ඡන්ද පැවැත්වුවත් ජනතා ඡන්දයට වටිනා කමක් නැති බව උතුරු මැද පලාතේ ජනතාව පවසති.ඒ ඔවුනට දැනගන්නට ලැබුන නවතම පුවතක් හේතුවෙනි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා මහත්මිය විසින් තම ඉල්ලා අස්වීමේ ලිපිය ඡන්ද කොමසාරිස්වරයා වෙත යවා ඇති බව පැවසෙනවා
.

බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට පාර්ලිමේන්තුවට ඒම සදහා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින මාලනී ෆොන්සේකා මහත්මිය සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට තීරණය කොට තිබෙන බව වැඩි දුරටත් වාර්තා වෙනවා



මේ වන විට උතුරු මැද මහ ඇමති තනතුර පිළිබදව ඇතිවී තිබෙන අර්බුධය විසදීම සදහා ජනාධිපති කාර්යාලයෙන් කළ ඉල්ලීමකට ගරුකරමින් ඇ‍ය මේ තීරණය ගත් බවත් ඒ අනුව අද උතුරු මැද පළාත් මහ ඇමති ලෙස එස්.එම්.රංජිත් මහතා දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වෙනවා
. 

මීට පෙර ජාතික ලැයිස්තුවෙන් පර්ලිමේන්තුවට පැමිණ සිටින ගම්පහ දිස්තික්කය නියෝජනය කරන කමලා රණතුංග මහත්මියගෙන් ද මේ ඉල්ලීම කර ඇති නමුත් ඇ‍ය ඊට කැමැත්ත පලකොට නැති බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරනවා


මාලනී ෆොන්සේකා මහත්මිය මේ තීරණය ගත් හෙයින් උතුරු මැද පළාත් මහ ඇමති තනතුර සදහා මෙතෙක් පැවති අර්බුදය ට පිළියම් යෙදෙතැයි අපේක්ෂා
කරනවා

මෙලෙස සිය මන්ත්‍රී ධූරය අත් හරින මාලනී ෆොන්සේකා මහත්මියට ඉතා වැදගත් තනතුරක් පිරිනැමීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වෙනවා
.


මාලනී ෆොන්සේකා අද සවස ජනාධිපති ලේකම් කාර්‍යාලයට....
උතුරුමැද හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා සිය මන්ත්‍රි පදවිය පිරිනැමීමට පාර්ලිමේන්තු මන්ත්‍රිනී හා හෙළ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය ගත් තීරණය පිළිඹඳ අද (24) සවස ජනාධිපති ලේකම් කාර්‍යාලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්‍යාල ආරංචි මාර්ග පවසනවා. 

අද සවස ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවැත්වෙන සාකච්ජාවට මාලනී ෆොන්සේකා මහත්මිය ද සහභාගි වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පැවසේ. මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මාලනී ෆොන්සේකා මහත්මිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගන්නට අපට හැකි විය. 

උතුරු මැද පළාත් සභවේ මතු වී තිබෙන අර්බුදය විසඳාලීම සඳහා ඔබ ගත් තීරණය සම්බන්ධයෙන් පවසන්නට ඇත්තේ කුමක්දැ යි අප විමසුවෙමු. එයට ඇය නිහඬව සිටියාය. මේ පිළිඹඳ සාකච්ජාවක් අද සවස ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පවත්වන්නට නියමිත බැවින් එතෙක් නිහඬව සිටීම සුදුසු බව ඇය ප්‍රකාශ කළාය.
 
Related Posts with Thumbnails