Ads 468x60px

.

වැල්ලවත්තේ ගණිකා නිවාසයට මගේ සම්බන්ධයක් නෑ - මර්වින්

මම කසිප්පු පානය කල මීයන්ට අභියෝග කරන්නේ නෑ...

සම්බන්ධීකරණ ලේකම්වරයකු කියන වසන්ත රාජපක්‍ෂ නොහොත් සුද්දා මගේ කාර්ය මණ්ඩලයේ සේවය කරන්නේ නෑ...

වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත අලුත්කඩේ උසාවියේ සෝදිසි වරෙන්තුවක් මත පසුගිය සිකුරාදා පස්වරුවේ අංක 577, ගාලුපාර ස්ථානයේ දෙමහල් නිවසක පවත්වාගන ගිය සුපිරි ගණිකා මධ්‍යස්ථානය උපායදූතයන් දෙදෙනෙකු යොදවා සෝදිසි කර තිබුනා.

වටලනු ලැබු පසු අනාවරනය වුනේ එහි හිමිකරු වන්නේ අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් බවයි.

දෙමහල් ගොඩනැඟිල්ලේ පහත මාලය පවත්වාගන ගොස් තිබුනේ කායවර්ධන මධ්‍යස්ථානයකි. උඩුමහලේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා ජාවාරම වසර 11ක් තිස්සේ ජයටම කරගන ගොස් තිබුනා.


දෙවෙණි මහලේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානය මුවාවෙන් පවත්වාගන ගියද මෙහි සම්භාහනය සඳහා කිසිදු උපාංගයක්වත්, ඖෂධවත්, වෛද්‍යවරයෙකුවත් සිට නැත.රු.1,000ක ටිකට්පතක් ලබාගන මෙයට ඇතුළුවිය යුතු අතර එහි අවුරුදු 21ත් 35ත් අතර සුරූපී තරුණියන් 5 දෙනෙකු සිට ඇත.

ඔවුන් අළෙවි වන්නේ රු. 6,000කටය. එම කාන්තාවන්ගෙන් එක් අයෙකු ගැබිණියකි. වටලණු ලැබූ අවස්ථාවේ එහි කළමණාකරු ලෙස සිට ඇත්තේ කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවේකි. ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුව අනාවරණය වුනේ මෙහි හිමිකරු අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ බවයි.

2002 වසරේ සිට ගණිකා මධ්‍යස්ථානය කරගෙන ගොස් ඇති අතර මෙම ඇමති සම්බන්ධීකරණ ලේකම්වරයා බව කියන වසන්ත රාජපක්‍ෂ නොහොත් සුද්දා මෙම ගොඩනැගිල්ල බද්දට ගෙන තිබී ඇත. 2005 වසරේ බද්ධ අවසන් වී ඇතත් සුද්දාගේ බලපෑමට බලහත්කාරයෙන් අදාල ස්ථානය මේ දක්වා පවත්වාගෙන ගොස් තිබේ.

ඇමති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන වසන්ත රාජපක්‍ෂ නොහොත් සුද්දා නැමැත්තකු විසින් වැල්ලවත්තේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු මර්වින් සිල්වාගෙන් විමසා ඇති අතර එවිට මර්වින් පවසා ඇත්තේ "වසන්ත රාජපක්‍ෂ හෝ සුද්දා නමැත්තකු තමන්ගේ කාර්ය මණ්ඩලයේ සේවය නොකරන බවත් එම සිද්ධියට තමාගේ නම ඇදාගෙන වාර්තා පළකර ඇති පුවත්පතකට එරෙහිව නඩු පවරන" බවයි.

වැල්ලවැත්තේදී වටලනු ලැබූ ගණිකා නිවාසයට තමන්ගේ සම්බන්ධයෙක් නැති බවත් ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවායට එළිපිටම අභියෝග කල තමන් කසිප්පු පානය කල මීයන්ට අභියෝග නොකරන බවත් මර්වින් සිල්වා එහිදී පවසා තිබුණා.
 
Related Posts with Thumbnails