Ads 468x60px

.

මීළඟ අධ්‍යාපන ඇමති මාලක සිල්වා...

මාලකට රෙහාන්ට එතෙර අධ්‍යාපනය සඳහා යෑමට වරම්...

මේජර් සුසේන පැමිණිල්ලක් ගොනු කරනවද ? නැත්නම් නීතිපති උපදෙස් ගන්නවද..? දැන්වීමට නියෝග...

තමාට පහර දුන්නැයි පරස්පර ප‍්‍රකාශ කළ හමුදා මේජර් සුසේන සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කරන්නේද? නැත්නම් නීතිපති උපදෙස් ගන්නේද යන්න දන්වන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට දැන්වුවා.

මේජර් රාජකාරියක් සඳහා එහි නොගිය බවත් කැසිනෝ හල් හිමියකුට ආරක්ෂාව සැලසුවේද යන්න
සොයා බලන බවත් පොලිසිය අධිකරණයට දැන්වුවා.ජයික් හිල්ටන් හෝටලයේදී ඔහුට පහර දුන්නැයි කියන පස්දෙනා ඇප මත මුදාහරිනු ලැබූනා.


නලින් ජානක, නාලන් දොන් නිලූ අරවින්ද, විනෝද් හේවගේ පුෂ්පකුමාර, සරත් උපාලි හා පතිරගේ සත්‍යජිත් ඇප ලැබුවෝ වුනා.
මර්වින් සිල්වා ඇමැති පුත් මාලකට හිටපු ඇමැති මනෝ විජේරත්න පුත් රෙහාන්ට එතෙර අධ්‍යාපනය සඳහා යෑමට අවසර ලැබූනා.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කීවේ මාලක අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවට යන බවයි. සමහරවිට ඔහු දිනෙක ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමැති ද විය හැකි බව ඔහු කීවේය.නඩුව නොවැම්බර් 26 වැනිදාට කල් තැබූනා.
 
Related Posts with Thumbnails