Ads 468x60px

.

හිමාලි ප‍්‍රමුඛ සෙන්ෂේශන් නර්තන කණ්ඩායමට වෙච්චි ඇබැද්දියක්...

‘සඳ පානවගේ’ ගීය වෙනුවට පෝල් හදිස්සියේම ‘ගොළු හදවත විවර කරන්න, යන ගීය ගායන කරලා...

‘සඳ පානවගේ’ ගීයට නටන්න ආ හිමාලි ප‍්‍රමුඛ සෙන්ෂේශන් නර්තන කණ්ඩායම හීන් සීරුවේ වේදිකාවෙන් බැස ගිහින්...

හිරු එෆ්.එම්. සංවිධානය කරනු ලබන මෙගා බ්ලාස්ට් එලිමහන් සංගීත ප‍්‍රසංගය පසුගියදා පැවැතියේ ගාල්ල මීපාවල අමරසූරිය කී‍්‍රඩාංගනයේදීය. මේ ප‍්‍රසංගයට ආරාධිත ගායකයකු ලෙස ප‍්‍රවීන ගායක පෝල් ප‍්‍රනාන්දු ද සහභාගි වුනා.

මෙහි ගීත ගායනයට පෝල් වේදිකාවට නැග ඇත්තේ උණුසුම් ප‍්‍රතිචාර මධ්‍යයේය.ඔහු වේදිකාවට ගොඩවත්ම සංගීත කණ්ඩායම ඔහුගේ ජනපි‍්‍රය ගීතයක් වන ‘සඳ පානවගේ’ ගීයේ මුල් සංගීත කණ්ඩය වාදනය කර තිබෙනවා
. මේ අතර, එම ගීයට නැටුමක් ඉදිරිපත් කිරීමට හිමාලි සිරිවර්ධන ප‍්‍රමුඛ සෙන්ෂේශන් නර්තන කණ්ඩායමද වේදිකාවට ගොඩ වී තිබෙනවා.

වේදිකාවට ගොඩ වූ හිමාලි දෙස දෑස් දල්වා බලා සිටි පෝල් හදිස්සියේම ‘ගොළු හදවත විවර කරන්න, නොඉඳ හිතේ තද කරන් මට කියන්න, කඳුළු සලන්න ඉඩ නොතබන්න කඳුළු සලන්න ඉඩ නොතබන්න’ යනුවෙන් සංගීත කණ්ඩයට පිටින් ඔහුගේ වෙනත් ගීතයක් ගායනා කර තිබෙනවා.

කෙසේවුවද පෝල් බේරා ගැනීමට සංගීත කණ්ඩායම සමත්වී ඇති අතර ඔවුන් සංගීත රිද්මය නොතේරෙන්ට මාරුකර ඔහුගේ එම ගීයට සංගීතය සපයා
තිබෙනවා.
මේ අතර පොල්ගේ ‘සඳ පානවගේ’ ගීයට නටන්න ආ හිමාලි ප‍්‍රමුඛ සෙන්ෂේශන් නර්තන කණ්ඩායම හීන් සීරුවේ වේදිකාවෙන් බැස ගිය බවද වාර්තා වෙනවා.



H 2
H 3
H 4
 
Related Posts with Thumbnails