Ads 468x60px

.

ජනාධිපති ඩුබායි යාමට නියමිතව තිබූ ගුවන් යානයේ ඇත්තටම තිබූ දෝෂය කුමක්ද?

ඉන්ධන හා හයිඩ්‍රොලික් යනු දෙකකි.
සිද්ධිය මඳක් පටලවාගන...

21 වැනිදා සවස 3 ට පමණ ජනපති ඩුබායි යාමට නියමිතව තිබූ යානයේ තිබූ දෝෂයක් නිසා එම ගමන ප්‍රමාදවූ පුවත අප ඔබ වෙත ගෙන ආවා.

ඒ අනුව ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් සොයාගත් එම දෝෂය පිළිබඳව මාධ්‍ය වාර්තා පල වුනේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවටත් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ගත් කුමන්ත්‍රණයක් බවටයි.

ඒ අනුව ගුවන් සේවා අමාත්‍ය ප්‍රියන්කර ජයරත්න විසින් පස් පුද්ගල කමිටුවක් පත් කළ අතර පරීක්ෂණ කිරීම සඳහා රහස් පොලීසියට නියෝග කලා.


මෙම සිදුවීම ඊට පසුදින රිවිර පුවත්පත වාර්තා කර සිටියේ "20 වෙනිදා පස්වරු 5.00ට පමන ලංකාවට පැමිණි එම ගුවන් යානයේ ජනාධිපතිවරයාගේ පසුදින ඩුබායි සංචාරය සඳහා අවශ්‍ය නඩත්තු කටයුතු කෙරෙද්දී එහි එන්ජින් දෙකෙන් එක එන්ජින් එකකට ඉන්ධන ගෙනයන හයිඩ්‍රොලික් පද්ධතියේ දෝෂයක් ඇති බව ජනාධිපති ආරක්ෂක අංශය අවසන් මොහොතේ අනාවරණය කරගන්නා තුරුම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කිසිදු නිළධාරියෙකු ඒ බව දැන සිටියේ නැත" ලෙසයි.

ඉන්ධන හා හයිඩ්‍රොලික් යනු දෙකකි. සිද්ධිය මඳක් ඔවුන් පටලවාගන තිබුණි. සැබැවින්ම එය හයිඩ්‍රොලික් බටයක් හෝ, ඉන්ධන ගෙන යන බටයක් නොවේ. එන්ජින් එකෙන් වාතය ලබාගන්නා බටයකි


කෙසේ වුවද ඊයේ දිවයින පුවත්පතේ වාර්තාවකින් කියවුනේ එම යානයේ තිබී ඇත්තේ වායුසමීකරණයක සුළු දෝෂයක්‌ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇති බවයි.


ඇත්තටම එම ගුවන්යානයේ තිබූ දෝෂය මේකයි.
නමුත් මේ පිළිබඳව කතාකිරීමට පවා මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය හා ඉංජිනේරුවන් බියවී සිටිනවා.

එයට හේතුවී තිබෙන්නේ මේ වනවිට ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ ප‍්‍රධානියාගේ වැඩ තහනම් කර එම අවස්ථාවේ ගුවන් යානය බාරව සිටි ප්‍රධාන ඉංජිනේරුවාගේද, ගුවන් නියමුවාගේ හා සහයකයාගේද වැඩ තහනම් කර තිබීමයි.

ඔවුන්ට කිසිවෙක් මුන ගැසීමටද අවස්ථාව නොදී ඔවුන්ගේ ජංගම දුරකථන පවා ජනාධිපති ආරක්ෂක අංශය විසින් පැහැරගන තිබුණා. කෙසේ වුවද සිදුවී ඇති දේ පිළිබඳව
අප සොයාබැලූ අතර වාර්තා වන්නේ මෙසේය.

ගුවන් යානා නිපදවන ආයතන විසින් ගුවන් යානාව සමඟ Master minimum equipment list නම් පොතක් ලබා දෙන අතර එම යානය නඩත්තු කරන ඉංජිනේරුවන් විසින් පරිහරනය කරන්නේ එම පොතයි. අදාල ගුවන් යානාව සඳහා එහි අනුමත සුළු දෝෂ සමඟ ගුවන්ගතවීමෙන් අනතුරක් නොවන බව තහවුරු කර ඇත. ඒවා සැලකියයුතු විශාල දෝෂ නොවේ.

ගුවන් යානයේ වායුසමීකරණ පද්ධතිය සඳහා අවශ්‍ය වාතය ලබාගන්නේ ගුවන් යානයේ ඇති එන්ජින් වලිනි. එන්ජිමේ සිට පියාපත් හරහා ගුවන් යානයට එන බටයකින් එම වාතය ලබාගන්නා අතර මෙම සිද්ධියට බලපා තිබෙන්නේ එම බටයක වූ කුඩා සිදුරකි.

එවැනි අවස්ථාවක ස්වයංක්‍රීයව එම බටය වසා දමා අනිත් එන්ජිමෙන් එම වාතය ලබාගැනීම සිදුවන පරිදි ගුවන් යානා නිපදවා තිබේ. ආන්දෝලනයට තුඩු දුන් මේ ගුවන් යානයේ දකුණු පියාපතට ආසන්නයේ එම වායුසමීකරණ බටයක කුඩා සිදුර නිසා මෙහෙයුම් මැදිරියේ තිර වල පෙන්වා ඇත්තේ දකුණු පියාපතට ආසන්නයේ පීඩන වෙනසක් ඇති බවයි.

ජනාධිපති ආරක්ෂක අංශය එය මහා දෝෂයක් ලෙස සලකා එම අවස්ථාවේ හැසිරී ඇති අතර එම අවස්ථාවේ සිටි ඉංජිනේරුවන් විසින් ඔවුනට පැහැදිළි කර දී ඇත්තේ එය සුළු දෙයක් බවයි. නමුත් එම අවස්ථාවේ ජනාධිපති ආරක්ෂකයන් විසින් එම ගුවන් යානා ඉංජිනේරුවන්ටද ඉගැන්වීමට ගොස් ඇත.

ඒ මොහොතේම එතන සිටි ටෙක්නීෂියන් කෙනෙක් යොදවා එම බටය ටේප් වලින් ඔතා ආවරණය කර ඇති අතර ප්‍රශ්ණය එතනින් නිමාවී ඇත.

සිද්ධිය එම ආරක්ෂකයින් විසින් සොයාගැනීමට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවකයන් විසින් එම පීඩන වෙනස සොයාගෙන ඊට පිළියම් යොදමින් සිට ඇති නමුත් ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඔවුනට අපහාස කර එතන හැසිරී ඇත්තේ ඔවුන් ගුවන් යානා ඉංජිනේරු ශිල්පය මැනවින් දන්නා බවයි.

ජනාධිපති ආරක්ෂක අංශය එලෙස හැසිරුනද පසුව පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ඔවුන් හා සුහදව කටයුතු කර තිබුණා.

එම සිද්ධිය වූ අවස්ථාවේ වෙනත් ගුවන් යානයකින් කොටසක් ගලවා එම ගුවන් යානයට සවිකර පියාසර කිරීමට නිළධාරීන් කටයුතු කිරීමට හැදුවද ජනාධිපති ආරක්ෂක අංශය පවසා ඇත්තේ අලුත් ගුවන්යානයක්ම ඒ සඳහා යෙදවිය යුතු බවයි. ඒ අනුව පැයක් පමණ ප්‍රමාදවී ජනාධිපතිවරයා ඩුබායි බලා ගියේ වෙනත් ගුවන් යානයකිනි.

ගුවන් යානයක පවතින සියළුම අමතර කොටස ගෙන්වා තබාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට වත්කමක් නැති නිසා මෙසේ පසු දිනයේ හමන් ගන්නා වෙනත් ගුවන් යානයකින් කුඩා කොටසක් ගලවා ඊලඟට ගුවන්ගතවීමට ඇති යානයට සවි කිරීම එදිනදා සිදුවන සාමාන්‍ය දෙයකි.

එය සිදුවන්නේ ගුවන් යානය නිපදවූ සමාගම විසින් නිකුත්කර ඇති උපදෙස් වලට ගැලපෙන ඒ වර්ගයේම තවත් ගුවන් යානයකිනි.


ජනපති - ගුවන් අනතුරක් නූලෙන් වැළකේ...

 
Related Posts with Thumbnails