Ads 468x60px

.

කන්‍යාභාවය පවුම් මිලියන භාගයකට විකුනු ශිෂ්‍යාවක්.

මෙය ගණිකා වෘත්තියේ යෙදීමක් නොවෙයි..

බ‍්‍රසීල ජාතික තරුණියක් සිය කන්‍යාභාවය පවුම් මිලියන භාගයක මුදලකට විකිණූ පුවතක් ෆොලා ඞී සාවෝ පවුලෝ නැමැති බ‍්‍රසීල පුවත්පතක් විසින් වාර්තා කරනවා. 

ඕස්ටේ‍්‍රලියානු වාර්තා වැඩසටහනක් වෙනුවෙන් පැවැත්වූ කන්‍යාවියන් විකිණීමේ වෙන්දේසියකදී 20 හැවිරිදි වියේ පසුවන කැතරිනා මිග්ලියෝරීනා නැමැති බ‍්‍රසීල ශීෂ්‍යාවට ඉහලම ලන්සුවක් තබා මිලදී ගැනීමට ජපන් ජාතිකයෙකු සමත් වී තිබෙනවා.


මෙය ගණිකා වෘත්තියේ යෙදීමක් නොවෙයි. යමක් ජීවිතයේ එක් වරක් පමණක් සිදු කල විට එය වෘත්තියක් වන්නේ නෑ. ඔබ එක් හොද ඡයාරූපයක් ගත් පමණින් ඔබව වෘත්තීය ඡයාරූපශිල්පියෙකු ලෙස වර්ග කල නොහැකියි. 

යනුවෙන් තමන් සම්බන්ධවූ කාර්යය ගැන අදහස් පල කරන කැතරිනා වැඩි දුරටත් පවසන්නේ මෙම අවස්ථාව හරහා තමන්ට ලැබෙන මුදල් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීම සදහා යොදවන බවයි.

මෙම වෙන්දේසියේ ඇති කොන්දේසියක් අනුව කැතරිනාට වෛද්‍ය පරීක්ෂණයකට මුහුණදී තම කන්‍යාභාවය සනාතකල යුතු වේ.

එහි ලංසු තැබීම ඊයේ උදෑසන අවසන් වූ අතර ඩොලර් 780,000ක ලංසුවල් තබා එය ලබාගැනීමේ අවස්ථාව උදාකරගන ඇත්තේ ජපන් ජාතික නට්සු නම් පුද්ගලයෙකි.

ඇය එම වෙන්දේසිය පැවැත්වූයේ virginswanted.com.au වෙබ් අඩවිය හරහාය. මෙම ලංසු තැබිල්ල සඳහා 15 දෙනෙකු සහභාගී වී තිබූ අතර වැඩිම ලංසුව තබා ජයග්‍රහණය කළ පුද්ගල්කයාට තරඟයක් තිබී ඇත්තේ ඉන්දියන් ජාතිකයෙකු හා ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු සමඟය. 


මෙම මුදල් වලින් තම ප්‍රදේශයේ දිළිඳුකමින් පීඩිතයන් සඳහා නව නිවාස ඉදිකිරීමට ඇය බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

වෙන්දිසියේ ජයග්‍රාහකයාට ඕස්ට්‍රේලියාවේ සිට ඇමරිකාව බලා ගමන් කරන ගුවන් යානයකදී එක් වරක් ලිංගිකව එක්වීමට අවස්ථාව ලැබේ. එහිදී අනුගමනය කල යුතු කොන්දේසි රාශියක් ඇය එම වෙබ් අඩවියේ දක්වා ඇත.

එම කාර්යය සඳහා තවත් කෙනෙකුගේ සහය ලබාගැනීම, බීමත්ව සිටීම, ජංගම දුරකතන භාවිත හෝ වෙනත් පටිගත කිරීමේ උපකරණ භාවිතා කිරීම, සෙක්ස් ටෝයිස් භාවිතා කිරීම ආදිය නොකල යුතුය.

ගුවන් යානයක් මේ සඳහා තෝරාගෙන ඇත්තේ නීතිමය ප්‍රශ්න මගහරවා ගැනීමටය. එක වරක් ඡායරුපයක් ගත්විට එය කොතරම් හොඳ ඡායරුපයක් වුවත් ඔහු වෘත්තීය ඡායරුප ශිල්පියෙකු නොවන නිසා මෙය එක වරක් ලබාදෙන අවස්ථාවක් බැවින් ගණිකා වෘත්තියක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැකි බවයි ඇය පවසා සිටින්නේ.

මීට වසර දෙකකට පෙර තෝමස් විලියම්ස් ප්‍රොඩක්ෂන් සමාගම විසින් චිත්‍රපටයක් සඳහා කන්‍යාවියක් සොයා තිබූ දැන්වීමක් අනුව වාර්තා චිත්‍රපටයක් සඳහා ඇය විසින් ගිවිසුම් අත්සන් කර තිබුණා.

එම කණ්ඩායමක් විසින් වර්ජින් වෝන්ටඩ් නමැති වාර්තා චිත්‍රපටය සඳහා ඇයව රූගත කරනු ලැබු අතර අන්තර්ජාලය හරහා මෙලෙස කන්‍යාභාවය විකිණීම හා ගුවන් යානයක ජයග්‍රාහකයා සමඟ සමඟ ගොස් ලිංගිකව එක්වීමද එම චිත්‍රපටයේ එක් අවස්ථාවකි. නමුත් ඔවුන්ගේ එකතුවීම චිත්‍රපටයට අඩංගු නොවේ.

ලංසු තැබූවන්ගේ විස්තර හා ඔවුන්ගේ ලංසුවේ වටිනාකම පහතින්





ලංසු තබන්නන් දිරිමත් කිරීම සඳහා ඇය වර්ජින් වෝන්ටඩ් චිත්‍රපටයේ ඇය සිටිනා ජායාරූප අන්තර්ජාලය වෙත එක් කර තිබු අතර ඒවා පහතින්.
 































 
Related Posts with Thumbnails