Ads 468x60px

.

හෝටල් බිලේ බුදුන් වහන්සේගේ පින්තුරයක් දැක මර්වින්ට මල පනී...

එම බිල්පත් ඉවත් කරන බවට හෝටල් කළමනාකරු පොරොන්දු වෙලාලු...

මේ දිනවල යුරෝපා සංචාරයක දී සිටින මර්වින් සිල්වා අමාත්‍යවරයා, පෙරේදා (23)  ස්ලෝවැකියාවේ හෝටලයක දී ගැටුමක් ඇතිකරගෙන ඇති බව වාර්තා වෙනවා.

පවුලේ සාමාජිකයින් සමග සංචාරයේ දී සිටින ඇමතිවරයා ඇතුළු පිරිස  එරට තායි හෝටලයකට ඊයේ රාත්‍රී ගොස් ඇත.

කෑම බිම අවසානයේ ඊට අදාළ බිල්පත ගෙනවිත් ඇති අතර, එම බිල් පතේ බුදුන් වහන්සේගේ ජායාරුපක් මුද්‍රණය කර තිබී ඇත.

මෙයින් කෝපයට පත් ඇමතිවරයා,

ඔහු සමග සිටි හිතවතකු සමග එම හෝටලයේ කළමනාකරු හමුවී තමන් බෞද්ධයකු බවත්, බුදුන් වහන්සේට අගෞරව වන පරිදි ඡායාරුපයක් වානිජ්‍ය කටයුතු සදහා යොදා ගැනීම බලවත් කනස්සල්ලට හේතුවක් බවත් පවසා තිබෙනවා.

කෙසේවුවද, මින් ඉදිරියට එම බිල්පත් ඉවත් කරන බවට හෝටල් කළමනාකරු පොරොන්දු වූ බවද වාර්තා වෙනවා.
 
Related Posts with Thumbnails