Ads 468x60px

.

ලංකාවට ආ ටමන්නා ට ඉන්දියාවෙන් තහනමක්

තෙලිඟු සිනමාවේ ජනප්‍රිය නිළියක වන ටමන්නා භාතියා ශ්‍රිලංකාවේ රුගත කිරීමකට පැමිණි නිසා එයට විරුද්ධත්වය පළකරමින් තමිල්නාඩුවේ චිත්‍රපට නිෂ්පාදන සමාගම් ඇයට එරට චිත්‍රපට තහනමක් පැනවීමට ක්‍රියාකොට තිබෙනවා.

මෑතකදී ටමන්නා ශ්‍රීලංකාවට පැමිණියේ රාම් චර්න්ගේ චිත්‍රපටයක් වන "රච්චා" හි ගීතයක අදාළ රූපරාමු පටිගත කිරීමටයි.

ශ්‍රීලංකාවට පැමිණීමට විරුද්ධත්වය පෑමට අදාළ සංවිධාන විසින් ඇයව දැනටමත් චිත්‍රපට හා දැන්වීම් ලබාදීම නවතා ඇති අතර දැනට
ඇය ප්‍රධාන චරිතයක් නිරුපනය කරන ඉන්දියාවේ මේ දිනවල තිරගතවන "වෙන්ගායි" චිත්‍රපටයද සිනමාහල් වලින් ඉවත්කිරීමට ඔවුන් කටයුතු යොදා තිබෙනවා.

තවද මින් පසු කිසිම දර්ශන රුගත කිරීමකට ලංකාවට නොයාමටත් එසේ කවුරුන් හෝ ගියහොත් ඔවුන්ට සිනමා කර්මාන්තය තුල තහනමක් පැනවීමට ඔවුන් විසින් තීරණය කර තිබෙනවා.

මිට පෙර මෙවන් විරෝධයකට මුහුණපෑමට රෙඩි චිත්‍රපටයේ රුගතකිරිමකට පැමිණි අසින් නමැති නිලියට සිදුවුනා.
 
Related Posts with Thumbnails