Ads 468x60px

.

‘ග‍්‍රීස් යකා’කාන්තාවන් දෙදෙනෙකුට ගහලා

මහියංගන පොලිස් බල ප‍්‍රදේශයේ සොරබොර එකේ ඇළ වම් ඉවුර ප‍්‍රදේශයේ සැරි සරනවා යැයි කියනි ‘ගී‍්‍රස් යකා’ නැමැති පුද්ගලයාගේ පහර කෑමට ලක්වූ කාන්තාවන් දෙදෙනෙකු මහියංගන මූලික රෝහලේ හා බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන බව මහියංගන පොලිසිය සඳහන් කළේය.

අදාළ තැනැත්තා මුළු ඇග පුරාම ගී‍්‍රස් තවරාගෙන සිටින බව පැවසෙන අතර ඔහු කොටුකර ගැනීමට මේ වන විට විශේෂ පොලිස් මෙහෙයුමක් දියත්කර ඇතැයිපැවසේ.

තුවාල ලැබූ එක් කාන්තාවක් මෙම තැනැත්තාට පොරවකින් පාදයකට පහරදී ඇති බවත් ඉන් එම තැනැත්තාට තුවාල සිදුව ඇති බවට පොලිසිය සැකකරන බවද කීය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහියංගන, ගිරාඳුරු කෝට්ටේ, බදුල්ල, බණ්ඩාරවෙල හා කන්දකැටිය වැනි පොලිස් ස්ථානවලින්ද පොලිස් කණ්ඩායම් ගෙන්වා ඇතැයි පැවසේ.
 
Related Posts with Thumbnails