Ads 468x60px

.

දෙපා අහිමිවූවන්ට නව බලාපොරොත්තුවක්

ලොව ප‍්‍රථම වරට සිදුකර ඇති දෙපා බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදුකළ බවට පසුගියදා ස්පාඤ්ඤයේ වැලෙන්සියා නුවරින් වාර්තා විය.
ස්පාඤ්ඤයේ ප‍්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරයෙකු වන පේද්‍රො කවාඩාස් මහතා ප‍්‍රමුඛ වෛද්‍ය පිරිසක් විසින් සිදුකර ඇති මෙම ශල්‍යකර්මයට පැය 10ක් ගතවී ඇත.

මෙම ශල්‍යකර්මය සඳහා යොදාගෙන ඇත්තේ රියඅනතුරට ලක්වීමෙන් පසුව දණහිසේ සිට සිය දෙපා අහිමි වූ තරුණයෙකි.

රියඅනතුරයෙන් පසුව මොහුගේ දෙපා දණහිසට උඩින් ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී තිබුණු හෙයින් ඔහුට කෘතීම දෙපා යොදාගැනීමට අවස්ථාවඅහිමි වී තිබුණි.

ජිවිත කාලයටම රෝදපුටුවකට කොටුවූ අනාගතයක් උරුම වී තිබූ මෙම තරුණයා, සිය නව දෙපා දැක සතුටට පත්ව කඳුළු සලා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය කවාඩාස් මහතා පවසා ඇත්තේ තවත් තුන්මසකින් මෙම තරුණයාට සිය දෙපා සෙලවිය හැකි වනු ඇති බවත් අට මසක් පමණ ගතවන විට ඔහුට යළි ඇවිදීමට හැකි වනු ඇති බවත් ය.

මෙම ශල්‍යකර්මය ලොව පුරා දපා අහිමිව සිටින පුද්ගලයන්නව බලාපොරොත්තු ගෙන දෙන සුභ ආරංචියක් වනු ඇත.
 
Related Posts with Thumbnails