Ads 468x60px

.

දරුවන් නැති අඹු සැමියන්ට දේශීය වෙදකමින් දරුවන්

ගම්පහ, යක්කල වික‍්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ මාතෘ හා ළමා රෝග මෙන්ම ගර්භාෂගත රෝග ප‍්‍රතිකාර ඒකකය මගින් පසුගිය කාලයේදී ඉපැරණි ආයුර්වේද ප‍්‍රතිකාර මගින් දරු සුරතල් අපේක්ෂාවෙන් සිටින එහෙත් දරුවන් නොමැති අඹු සැමියන්ට කරන ලද ප‍්‍රතිකාරවලින් සාර්ථක ප‍්‍රතිඵල අත්වී ඇතැයි වාර්තා වේ.

අදාළ රෝග සම්බන්ධයෙන් විශේෂ වෛද්‍ය සායනයක් හා විශේෂ කාන්තා රෝග සායනයක් සෑම බදාදා දිනකම උදේ 9 සිට පස්වරු 4 දක්වා එහි පැවැත්වෙන බවද වෛද්‍ය ඒකකය භාර ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිණී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  වී. හේමා වක්කුඹුර මහත්මිය පැවැසුවාය.

මෙම ප‍්‍රතිකාර සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන බවද වක්කුඹුර මහත්මිය පැවසුවාය.
මේ වන විට අම්පාර, අනුරාධපුරය, බදුල්ල, කුරුණෑගල රත්නපුරය, කොළඹ, නුවර, මීගමුව, මොනරාගල වැනි පළාත්වලින්ද ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන බැව් වෛද්‍ය එච්. පී. හේමාවක්කුඹුර මහත්මිය කීය.
 
Related Posts with Thumbnails