Ads 468x60px

.

‘මාලි’ට අලි බබෙක් ලැබෙයි

පින්නවල අලි අනාථාගාරයේ සිටි ”මාලි” නමැති කෙනෙර ඊයේ (13) පස්වරුවේ අලි පැටවකු බිහිකර තිබේ.

මාලි පින්නවලට ගෙනැවිත් ඇත්තේ 2001 වසරේ නොවැම්බර් 07 වැනිදා පොළොන්නරුව, ඉඟිනිමැඩිල්ල ප‍්‍රදේශයෙනි.

අලූත උපන් අලි පැටවාගේ පියා අලි අනාථාගාරයේම වෙසෙන ”වසභ” නමැති හස්ථියා යැයි සැලකේ.

මෙම අලි පැටවා පින්නවල අලි අනාථාගාරයේ දී උපත ලද 65 වන පැටවාය.

උපදින විට මෙම පැටවාගේ බර කිලෝ ග‍්‍රෑම් අනුඅටක් හා උස අඩි තුනයි අඟල් තුනක් බවද පැවසේ.
වසර 1975 පෙබරවාරි 16 වැනි දින අලි පැටවුන් පස්දෙනෙකුගෙන් ආරම්භ කළ පින්නවල අලි අනාථාගාරයේ මේ වන විට අලි ඇත්තු අනූහතරක් සිටිති.
 
Related Posts with Thumbnails