Ads 468x60px

.

නිළි විනූ ඝාතනයට වතු පාලකයෙක් කොටු වේ

ටෙලිනාට්‍ය නිළි විනූ වෙත්තමුණි ගේ ඝාතනය සම්බන්ධව වතු පාලකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ගල්කිස්ස පොලිසියේ අපරාධ පරීක්‍ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන්කර තිබේ.

මෙම වතු පාලකයා වෙත්තමුණි මහත්මිය හා ආදර සබධතාවයක් තිබූ බවට හෙළිවී ඇති අතර, වතුපාලකයාට අයත් ඉඩම් කිහිපයක ඔප්පු ඇය ළඟ තිබී හමුවීම මීට සාක්‍ෂි බව පොලිසිය සඳහන්කර තිබේ.

මෙම ඝාතනය පිටුපස ඉඩම් ගණුදෙනුවක්තිබෙනු ඇතැයි පොලිසිය සැක පළ කරයි.
මේ අතර, වෙත්තමුණි මිය ගල්කිස්ස පොලිසියේ කිහිපදෙනෙකු සමග ද සමීප සබඳතා පැවති බවට ඇති වාර්තා පිළිබඳවපරීක්‍ෂණ පවත්වන බව පොලිසිය කියයි.
 
Related Posts with Thumbnails