Ads 468x60px

.

නිව්යෝක් හි සමලිංගික විවාහ ඇරඹේ

සමලිංගික විවාහ නීත්‍යනුකූල කිරීමෙන් පසුව ඇමෙරිකාවේ නිව් යෝක් ප‍්‍රාන්තයේ සමලිංගික පුද්ගලයන් සියගණනක් විවාහ වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

සමලිංගික විවාහ නීත්‍යනුකූල කිරීම සඳහා නිව් යෝක් ප‍්‍රාන්ත සෙනෙට් සභාවේ අනුමතිය ජුනි 24 දා ලැබී ඇති අතර, නිව් යෝක් ආණ්ඩුකාරවරයා විසින් මෙම පනතට අත්සන් තබමින් එය නීතිගත කර තිබුණි.

කෙසේ වෙතත් මෙම නීතියට හා සමලිංගික විවාහ වලට එරෙහිව විවිධ පිරිස් විසින් නිව් යෝක් ප‍්‍රන්තයේ විරෝධතා කිහිපයක් පවත්වා ඇතැයිවිදෙස් වාර්තා සඳහන් කරයි.

නිව් යෝක්, සමලිංගික විවාහ නීත්‍යනුකූල කළ සය වන ඇමෙරිකානු ප‍්‍රාන්තයයි.

කනෙක්ටිකට්, ඉයෝවා, මැසචූසෙට්ස්, නිව් හැම්ප්ෂයර්, වර්මොන්ට් යන ඇමෙරිකානු ප‍්‍රාන්ත වල හා කොලූම්බියා දිස්ත‍්‍රික්කයේ සමලිංගික විවාහ නීත්‍යනුකූල වේ.
 
Related Posts with Thumbnails