Ads 468x60px

.

රූමත් බාලවයස්කාරියන් තිදෙනෙක් බීලා අහුවෙලා

රත්නපුර ප‍්‍රධාන බස් නැවතුම්පොළේ බීමතින් සිටි රූමත් බාල වයස්කාරියන් තිදෙනකු එහි පොලිස් මුර පොළේ නිලධාරීන් විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 17 ක් පමණ වන මෙම දැරියන් තිදෙනා දහවල් කුරුවිට දක්වා ගමන් කරන  පෞද්ගලික බස්රථයක මත් ගතියකි සිටිනු දුටු මගීයකු කළ දැනුම්දීමකට අන්ව මොවුන් පොලිස් මුර පොළේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිසියට බාර දී තිබේ.

මොවුන් වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට නියමිත බව රත්නපුර පොලිසිය සඳහන් කළේය.

රූමත් තරුණියන් තිදෙනා දියඇල්ලක් නැරැඹීමට ගොස් ඇතැයිද එහිදී මත්පැන් පානය කර ඇති බවට පොලිස් මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

කෙසේවුවද තරුණියන්ට මෙම මත් පැන් කිසියම් උපක‍්‍රමයකින් ලබා දුන්නාද නැතිනම් සිය කැමැත්තෙන් පානය කළා ද යන්න ගැන පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවද පැවසේ.
 
Related Posts with Thumbnails