Ads 468x60px

.

නිවෙස්‌වලට එබිකම් කරන තවත් භූතයෙක්‌ ගැන බියක්‌

නිවෙස්‌වල ජනෙල්වලින් එබිකම් කරමින් රාත්‍රි කාලයේ ගම පුරා සැරිසැරූ අද්භූත පුද්ගලයකු හේතුවෙන් මීගහකිවුල, අරාවපාර, ඉළුක්‌පිටිය, අතුරුඇළ හා ඒ අවට ගම්වල ජනතාට දැඩි භීතියකට පත්ව සිටිති.

පෙරේදා (26 දා) රාත්‍රියේ හා ඊයේ (27 දා) අලුයම් කාලයේදී මෙම පුද්ගලයා ඉළුක්‌පිටිය හා අතුරුඇළ ප්‍රදේශයේ සැරිසැරූ බව පවසයි.

ඉකුත් 20 වැනි දින ද මෙම පුද්ගලයා ඉළුක්‌පිටිය ප්‍රදේශයේ නිවසක ජනේලයකින් ඇතුළුවීමට තැත් කරද්දී නිවැසියන් කෑ ගැසීමත් සමග පලා ගොස්‌ අතුරුදන්වී ඇත.

ගම්වාසීන් බියට පත් කරමින් තැනින් තැන ගැවසෙන මෙම පුද්ගලයා විටෙක ඇඟිලිවල දිලිසෙන කොපු විශේෂයක්‌ද විටෙක අත් මේස්‌ද පැළඳ සිටින බව ජනතාව පවසයි.
 
Related Posts with Thumbnails