Ads 468x60px

.

"ග්‍රීස්‌ යක්‌කු" සුදු හඳුන් ගස්‌ "පෙරළති"

"ග්‍රීස්‌ යකුන්"ගේ මුවාවෙන් සුදු හඳුන් ගස්‌ සොරකම් කරන කල්ලියක්‌ ක්‍රියාත්මක වන බව බදුල්ල අවට ගම්මාන රැසක ජනතාව පවසති.

විශේෂයෙන් සොරණාතොට, දුන්හිඳ පුස්‌සැල්ලාකන්ද, රිල්පොල, මැදගම, වැලිමඩ ආදී ප්‍රදේශ රැසකින් සුදු හඳුන් සොරකම් පිළිබඳව වාර්තා වන අතර එම බොහෝ ප්‍රදේශවල "ග්‍රීස්‌ යකෙකු" සැරිසරන බවට කට කතා පතුරුවා හරින මෙම සොරුන් "ග්‍රීස්‌ යකා" භීතිකාව සිය වාසියට හරවාගෙන ඇත.

සොරණාතොට දුන්හිඳ රක්‍ෂිතයේ මෙන්ම ඇතැම් නිවාස ආසන්නයේද රිල්පොල ප්‍රදේශයේ විහාරස්‌ථානයක මිදුලේද තිබූ සඳුන් ගස්‌ සොරකම් කිරීම මෑත දිනවලදී සිදුවිය. එම බොහෝ ප්‍රදේශයන්හි "ගී්‍රස්‌ යකා" පිළිබඳ කටකතා පතුරුවා ඇති බැවින් ඇතැම් නිවැසියන් රාත්‍රි කාලයේ බාහිරව ඇසෙන ශබ්ද පිළිබඳව විමසිලිමත් නොවීම මෙම සොරුනට විශාල වාසියක්‌ වී තිබේ.
 
Related Posts with Thumbnails