Ads 468x60px

.

ගණිකාවෝ හයදෙනෙකුට ලක්‍ෂ 3ක් දඩ ගසයි

ගණිකා වෘත්තියේ නියැළුණු බව කියන කාන්තාවන් සය දෙනෙකු අදාළ වරද පිළිගැනීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්‍ෂ 3 ක දඩයක් මාරවිල අතිරේක දිසා විනිසුරු චන්දන කළංසූරිය මහතා නියම කළේය.
දංකොටුව දුම්මලසූරිය ප‍්‍රදේශයේ ගණිකා මඩමක් වැටලූ වලාන දූෂණ මර්ධන ඒකකය විසින් සැකකාරියන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙසේ අත්අඩංගුවට පත් සැකකාරියන් කුලියපිටිය හා පන්නල ප‍්‍රදේශයේ පදිංචි කාරියන්ය.

අදාළ ස්ථානය ගණිකාවන් පර පුරුෂ සේවනයේ යොදවන බැවින් ඊට සීල් තබා ඇතැයිවලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයට දැන්වීය.

කෙසේවුවද එම ස්ථානයට සම්බන්ධව සිටි පිරිස වර්තමානයේ ජංගම ගණිකා සේවයක් පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇතැයි එම නිලධාරීන් අධිකරණයට කීය.

ඔවුන්ද වහාම අත්අඩංගුවට ගන්නැයි විනිසුරු චන්දන කළංසූරිය මහතා පොලිසියට නියෝග කළේය.

 
Related Posts with Thumbnails