Ads 468x60px

.

මල්ලි සමඟ අක්කත් මරු තුරුලට යයි

මනම්පිටිය, නාමල්පොකුණ ප‍්‍රදේශයේ දී දෙබරුන් දෂ්ට කිරීමෙන් මියගිය සිවුහැවිරිදි කවිෂ්ක සංජන නමැති දරුවාගේ අවසන් කටයුතු සිදුකළ දිනයේම ඔහුගේ එකම සොහොයුරිය වන විශාඛා කුමුදුනීමියගොස් ඇතැයි වාර්තා වේ.

අට හැවිරිදි එම දැරිය දෙබරුන් දෂ්ට කිරීම හේතුවෙන් මහනුවර මහ රොහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ මියගොස් තිබේ.

සිය පියා සමඟ අසල වන ලැහැබකට දර කැඞීමට ගොස් සිටියදී මොවුන් මෙම දෙබර ප‍්‍රහාරයට ලක්ව තිබිණි.
දෙබර ප‍්‍රහාරයට ලක්වූ මොවුන් තිදෙනා  පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පවුලේ බාලම දරුවා මියගියේය.

මියගිය දරුවන් දෙදෙනාගේ පියාමේ වන විට පොළොන්නරුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.
 
Related Posts with Thumbnails