Ads 468x60px

.

සුරංගා ඩොමිනික්ට සෙට් වෙයි

නිවේදිකාවක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වූ සුරංගා ප‍්‍රනාන්දු පසුගිය ජූලි 29 වැනිදා විවාහ ගිවිසගත් බව වාර්තා වේ.

ඇය විවාහ ගිවිසගනු ලැබුවේ ඩොමිනික්සිල්වා සමඟය.

ඩොමිනික් කාටාර්හි දෝහා නගරයේ දැනට පදිංචිව සිටින බවත්, ඔහුගේ මෙරට නිවහන පිහිටා ඇත්තේ වත්තල ප‍්‍රදේශයේ බවත් වාර්තා වේ.

ආදර සම්බන්ධයක ප‍්‍රතිථලයක් ලෙස ඩොමිනික් හා සුරංගා විවාහ ගිවිසගෙන ඇතැයිපැවසේ.

කෙසේවුවද කලකට ඉහතදී සුරංගා හා ජනපි‍්‍රය නළුවෙකු අතර හාදකමක් තිබූ බව මාධ්‍ය හෙලිකර තිබිණි.

එම නළුවා සමඟ හාදවී සිටි තවත් මෝස්තර නිරූපිකාවක් සුරංගා සමඟ දඹරයක් ඇතිකර ගත් බවද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සුරංගා රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන් අතර වඩාත් ජනපි‍්‍රයවූයේ ‘වාසනා වේවා’ රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරමිනි. ඇය දෙරණ නාලිකාවේ විකාශය වූ ‘සිහින මන්දිර’ වැඩසටහනඉදිරිපත් කළාය.

එසේම ඇය වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් ලෙසද පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්ව සිටී.

සුරංගා නර්තන ශිල්පිනියක ලෙස ද පසුගිය කාලයේදී දස්කම් දැක්වූ අතර, ඇය ජනප‍්‍රිය නළුවකු වන සුරාජ් මාපාගේ ‘සුරාජ් ප‍්‍රසන්ට්ස් එලිමන්ට්ස්’ නර්තන කණ්ඩායම සමඟ ද එක්ව නර්තන ප‍්‍රසංග වර්ණවත් කිරීමට සමත් වූවාය.

ඇය වෘත්තියෙන් ගුවන් සේවිකාවකි.
 
Related Posts with Thumbnails