Ads 468x60px

.

පාළු නිවසක සිටි පාසල් ජෝඩු දෙකක් දැලේ

පාසල් විනෝද චාරිකාවකට සහභාගිවන බව නිවෙස්වලට පවසා පිළියන්දල සිරිමංගල වත්ත ප‍්‍රදේශයේ පාළු නිවසක සිටි පාසල් පෙම්වතුන් යුවල් දෙකක් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

මොවුන් සමඟ සිටි තවත් පෙම්වතුන් යුවලක්එම නිවසේ හිමිකාර යුවලපොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අදාළ නිවස පොලිසිය විසින් සෝදිසි කරනු ලබන අවස්ථාවේ මොවුන් බියර් පානය කරමින් සිටි බවද පැවසේ.

නිවසේ පිටුපස සඟවා තිබූ ති‍්‍රරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

පාසල් සිසු සිසුවියන් මහරගම ප‍්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන අය බව පොලිස් මූලික පරීක්‍ෂණවලින් හෙලිවී ඇත.

වයෝවෘද්ධ කාන්තාවක් ති‍්‍රරෝද රියක හප්පා පලායාම සම්බන්ධව පරීක්‍ෂණයක් කිරීමට අදාළ නිවසට පැමිණි පිළියන්දල රථවාහන පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මුලින්ම මෙම සිද්ධිය අනාවරණය කරගෙන තිබේ.

ඔවුන් දුටු සැකකාර පාසල් සිසු සිසුවියන් එම නිවසේ පිටුපස දොරෙන් පලායාමට උත්සාකර ඇති අතර, පසුව පොලිස් නිලධාරීන්ට සැක සිතී ඔවුන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලින් පසුව අදාළ කරුණු අනාවරණය කරගෙන ඇත.

පාසල් සිසු සිසුවියන්ගේ පාසල් බෑග් තුළ තිබී ඔවුන්ගේ පාසල් නිල ඇඳුම්සොයාගෙන තිබේ.
නිවස හිමි යුවල මුදල් හා මත්පැන් ලබාගෙන මෙම නිවස පෙම්වතුන්ට සපයා ඇතැයිපොලිසිය කළ මූලික පරීක්‍ෂණ වලින් හෙළිවී ඇත.

නිවස හිමි යුවලෙහි පුරුෂයා පළමු විවාහයෙන් දික්කසාද නොවී මෙම කාන්තාව සමඟ ජීවත්වන බවමේ වන විට සොයා ගෙන ඇතැයි වාර්තා වේ.
 
Related Posts with Thumbnails