Ads 468x60px

.

අනියම් සැමියා සමඟ එක්‌ව හත් හැවිරිදි දැරිය පිළිස්‌සූ බව කියන මව රක්‍ෂිතභාරයට

හත් හැවිරිදි ගැහැනු දරුවකු පුළුස්‌සා දැමීම සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට ගත් ඇයගේ මව සහ මවගේ අනියම් සැමියා මෙම 11 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්‌ත්‍රාත් හා වැඩබලන අතිරේක දිසා විනිසුරු අනුර කුමාර හේරත් මහතා මහරගම පොලිසියට (03 වැනිදා) නියම කළේය.

දැරිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක්‌ ඊළඟ නඩු දිනයේදී ඉදිරිපත්කරන ලෙස ගල්කිස්‌ස පරිවාස නිලධාරිනියට නියම කළ මහෙස්‌ත්‍රාත්වරයා දරුවාගේ භාරකාරත්වය ඇයගේ මිත්තණියට පවරණ ලෙස පොලිසියට නියම කළේය.

තම දියණිය සහ ඇයගේ අනියම් සැමියා දරුවා පුළුස්‌සන ලද බවට මහරගම පොලිසියට පැමිණිලි කර ඇත්තේ දරවාගේ මිත්තණියයි.

පිළිස්‌සීමට භාජනය වූ දැරියගේ මව සතු මහරගම ඇරැව්වල පිහිටි නිවසේදී මෙම අවාසනාවන්ත සිද්ධිය වී ඇත.

දැරියගේ මව මැදපෙරදිග සේවයේ නිරතව සිටියදී ඉන්දියානුවකු සමඟ සබඳතාවක්‌ ඇතිකරගෙන ඔහුත් සමග ඇය ලංකාවට පැමිණ ඇත. ලංකාවට පැමිණි පසුව මෙම දියණිය ලැබීමෙන් අනතුරුව ඔහු ඇය අතහැර දමා ගොස්‌ ඇත.

තම ජීවිකාව ගෙන යැම සඳහා ඇය තෝරාගෙන ඇත්තේ අරක්‌කු විකිණීමය. එම ස්‌ථානය වැටලීම සඳහා පැමිණි සුරාබදු නිලධාරියා පසුව ඇය සමග ඇසුරක්‌ පවත්වමින් එම නිවසට යැම් ඊම් කර ඇත.

ඔහු ගංගොඩවිල පදිංචිකරුවෙකි. තම මවගේ හැසිරීම් සම්බන්ධයෙන් මිත්තණියටත් අවට නෑදැයින්ටත් පැවැසීම මෙසේ මෙම දැරිය පුළුස්‌සා දැමීමට හේතුව වී ඇත.
 
Related Posts with Thumbnails