Ads 468x60px

.

නොමිල රූපවාහිනී යට කරමින් PAY TV ඉස්සෙයි

නොමිලේ රූපවාහිනී නැරඹීම ආදි කාලයේ දෙයක් බවට පත්කරමින් මේ වනවිට ලංකාවේද මුදල් ගෙවා රූපවාහිනී නැරඹීමේ වෙළඳ පොළක් නිර්මාණය කර තිබේ.
 
මෙහි පුරෝගාමියෙකු වන ඩයලොග් සමාගම පවසන්නේ 2011 ජුනි කාර්තුවේදී පමණක් සිය රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය සියයට 16 කින් වැඩිවූ බවයි.
මේ අනුව, මුදල් ගෙවා නරඹන ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් 184,000 ක් පමණ මේ වනවිට දිවයින පුරා සිටින බව සමාගම පවසන අතර එම අංශයේ ආදායම 2011 ජුනි කාර්තුවේදී සියයට 11 කින් වැඩිවී රුපියල් බිලියන 1.1 ක්වූ බව අනාවරණය කර තිබේ.
 
මේ වසරේ මාර්තු කාර්තුව වනවිට ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය 181,000 ක්වූ අතර එය ජුනි කාර්තුව වනවිට 13,000 කින් වැඩිවීම කැපී පෙනේ.
කෙසේවෙතත්, මෙම අංශය ජුනි කාර්තුවේදීද ලබා තිබෙන්නේ රුපියල් මිලියන 172 ක මෙහෙයුම් අලාභයකි.
 
Related Posts with Thumbnails