Ads 468x60px

.

අඩි 4 ක්‌ ගැඹුරු වළක පැය 3 ක්‌ මිහිදන්ව ලෝක වාර්තාවක්‌ තැබීමට මීරිගම පල්ලෙවෙල තරුණයා සූදානම් වෙයි

පොළොවේ අඩි 4 ක්‌ ගැඹුරු වළක පස්‌යට පැය 3 ක්‌ මිහිදන්ව ලෝක වාර්තාවක්‌ තැබීමට මීරිගම පල්ලෙවෙල අයෙක්‌ සූදානම් වෙයි.

පල්ලෙවෙල මිහිඳුපුර රුචිර කුමාර ජයසිංහ (39) මහතා අද 6 දා ප.ව. 6.00 ට පල්ලෙවෙල වික්‍රමශිලා පිරිවෙනේදී මෙම වාර්තාව තැබීමට නියමිතය.

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධීක්‍ෂණය ඇතිව ඔහු මේ අනුව අඩි 6 ක්‌ දිග හා අඩි 2 1/2 ක්‌ පළල, අඩි 4 ක්‌ ගැඹුරු වළක මිහිදන්ව ඒ මත පස්‌ පුරවා ගිනි මැළයක්‌ ගසා වළ තුළ පැය තුනක්‌ රැඳී සිටීම ඔහුගේ අපේක්‍ෂාවයි.

මීට පෙරද රුචිර කුමාර මහතා පොළොව යට මිහිදන්ව මවිත කරන දස්‌කම් දැක්‌ වූවෙකි.
 
 
Related Posts with Thumbnails