Ads 468x60px

.

ලිංගික රෝගීන්ගෙන් මුදල් ගරණ හොර දොස්තර ජාවාරමක්

ලිංගිකව බෝවන රෝගවලට ගොදුරුවූ රෝගීන් නිට්ටාවට සුව කර දෙන බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගසා කන ජාවාරම්කරුවන් පිරිසක් බිහි වී ඇතැයි ජාතික රෝහලේ ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ. ඒ. එම්. ආරියරත්න මහතා කියයි.
වෛද්‍ය ආරියරත්න මහතා ෂතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.
මෙවැනි ජාවාරම් කරුවන්ට හසු නොවන ලෙසත්, ජාතික රෝහලේ ලිංගාශි‍්‍රත රෝග මර්දන ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා රජයේ රෝහල්වල නොමිලේ පවත්වනු ලබන සායන වලින් එම ආසාදිතයනට නිසි ප‍්‍රතිකාර ලබාගත හැකි බවත් ඒ මහතා සඳහන් කර ඇත.

ලිංගාශි‍්‍රත රෝග වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින මෙම ජාවාරම්කරුවන් වෙත රහසිගත ප‍්‍රතිකාර පතා යන එවැනි රෝගීන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බැව් තමන් වෙත පැමිණි රෝගීන් හැඬු කඳුළින් ප‍්‍රකාශ කළ බව ද පැවසු ආරියරත්න මහතා හෙළිකර තිබේ.

තමන්ට වැලඳී ඇති රෝග හෙළිවේ යැයි යන බියෙන් කිසිවකුත් මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතියේ පිළිසරණ පතා ගොස් නොමැති බව ද ආරියරත්න මහතා සඳහන් කර ඇත.
 
Related Posts with Thumbnails