Ads 468x60px

.

කාන්තාවකට අතවර කර අධිකරණයට ගෙන එමින් සිටියදී ජීප්රියෙන් පැන සැකකරු නසී

රත්තොට පොලිසිය භාරයේ සිටි සැකකරුවකු මාතලේ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ගෙනයමින් සිටියදී පොලිස්‌ ජීප් රථයකින් බිමට පැනීම නිසා ඊයේ (05 වැනිදා) මියගොස්‌ ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ රත්තොට අලකොලමඩ පදිංචි ඒ. ජී. විඡේපාල නමැති 64 හැවිරිදි දෙදරු පියෙකි. කාන්තාවකට අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධව පෙරේදා (04 දා) අත්අඩංගුවට ගත් මේ සැකකරු ඊයේ (05 වැනිදා) මාතලේට ගෙන එමින් සිටියදී මාතලේ කලුදෑවල පාලම අසලදී මෙසේ බිමට පැන ඇති අතර තුවාල ලැබූ ඔහු මාතලේ රෝහලේදී මියගොස්‌ ඇත. රත්තොට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
 
 
Related Posts with Thumbnails