Ads 468x60px

.

මෙහෙකාරියගේ රහස් පෙම නාන කාමරයෙන් මතුවෙයි

තම ස්වාමිපුරෂයාගෙන් වෙන්විය යුතු බවට ඉල්ලා පොලිසියට පැමිණි කාන්තාවක් හා පුරුෂයකු සම්මන්ධයෙන් ඵලදායී ක්‍රියාමාර්ගයක් ගැනීමට මහියංගන පොලිසියේ නිලධාරීහු සමත් වෙති.

මහියංගනය ප්‍රදේශයේ පදිංචි යුවළක් තම නිවෙසේ සේවය සඳහා රූමත් කාන්තාවක් සේවයට ගෙන ඇති අතර, කාලයාගේ ඇවෑමෙන් මේ කාන්තාව එම නිවෙසේ විවාහක පුද්ගලයා සමඟ රහස් ආදර සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබේ.

මේ නිවෙසේ සේවය කරන කාන්තාව සෑම දිනකම උදෑසන නාන කාමරයට යාම සිරිතක් වුවද, සැමියා රැකියාවට පිටව ගිය සැනින් නැවතත් නාන කාමරයට වැදීම බිරියගේ සැකයට හේතු වී තිබේ.නාන කාමරය තුළදී මේ සේවිකාවගේ නිහඬබව ඇයට තවදුරටත් සැකයට හේතු විය. මේ පිළිබඳව සොයා බැලූ ගෙහිමි කාන්තාව නාන කාමරයට වී තම ස්වාමිපුරුෂයා දුන් පෙම් හසුන් කියවමින් සිටි සේවිකාව අතටම අල්ලාගෙන තිබේ.
 
සැමියා පිළිබඳව අධික කෝපයෙන් පසු වූ බිරිය වහාම මහියංගන පොලිසියට ගොස් ඔහුගෙන් වෙන්විය යුතු බව පවසා පැමිණිල්ලක් කර තිබේ. සිද්ධිය කුමක්දැයි අවබෝධ කරගත් මහියංගනය පොලිසියේ නිලධාරීන් සැමියා හා නිවසේ සේවිකාව පොලිසියට ගෙන්වීමට කටයුතු කර ඇති අතර, සේවිකාවට දැඩි ලෙස අවවාද කර ඒ මොහොතේදීම තමාගේ නිවෙස බලා වහාම පිටත්වන ලෙස දන්වා ඇත.

නියෝගය පිළිගත් කාන්තාව පොලිසියෙන් පිටව යනු බලා සිටියදී අනෙක් පසෙන් අඹු සැමි යුවළ දෙඅත් පටලවාගෙන පොලිසියෙන් නික්මෙන අයුරු එදින මහියංගන පොලිසියේ නිලධාරීන්ට සුබ දසුනක් වී තිබේ.
 
Related Posts with Thumbnails