Ads 468x60px

.

සියඹලාණ්‌ඩුවේ නොදුටු භූතයා!

සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි සෑම ගම් ප්‍රදේශයකම මෙතෙක්‌ නොදුටු ග්‍රීස්‌ යකෙක්‌ හෙවත් භූතයෙක්‌ සිටින බවට කටකතා විදුලි වේගයෙන් පැතිරයමින් පවතී.

මේ නිසා එම ගම්වාසීහු මහත් භීතියකින් කැති, පොරෝ, මන්න, යනාදිය නිදාගන්නා කොට්‌ට යට තබාගෙන වැඩි දෙනෙක්‌ නිදිවරාගෙන රෑ පහන් කරන බව කියති.

මෙයට හේතුව ග්‍රීස්‌ යකා රාත්‍රි කාලයට පැමිණ දොරට තට්‌ටු කළහොත් එකවරම කැත්ත හෝ මන්නය රැගෙන පහරදීමට බව ප්‍රකාශ වේ. කොටි ත්‍රස්‌තවාදීන් සිටි සමයේ වත් මෙතරම් බියක්‌ නොතිබුණේ ඔවුන් හා සටන් කිරීමට රණවිරුවන් පෙළගැසී සිටි නිසා බව කියති. එහෙත් මෙතෙක්‌ කිසිවෙක්‌ නොදුටු ග්‍රීස්‌ යකෙකු පැමිණි නිවසක්‌ ගැන අසන්නට ලැබී නැත.

මවාගත් ග්‍රීස්‌ යකෙක්‌ පිළිබඳ සිතුවිල්ල බියටපත් අය තුළින් ඉවත් කිරීමට ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ දියත් කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
 
Related Posts with Thumbnails