Ads 468x60px

.

මේ පළ දෙන්නේ තම අහිංසක සොයුරා නිරාපරාදයේ මරාගත් සාපයයි - කෝටිපති ව්‍යාපාරිනියක් පවසයි

පසුගියදා වාර්තා කරන්නට යෙදුනු ‘‘සනත් එනතුරු දියණිය ඇඬූ කඳුළින්’’ යන පුවත දුටු කොළඹ ඩුප්ලිකේෂන් පාරේ සුප‍්‍රකට ඇඟලූම් ප‍්‍රදර්ශනාගාරයක හිමිකාරියක් එකී පුවත පිළිබඳව තම අදහස් දක්වමින්, සනත් ගුණතිලකට සහ අදාළ වෛද්‍යවරියට මේ පළ දෙන්නේ තම අහිංසක සොයුරා නිරාපරාදයේ මරාගත් සාපය බව කඳුළු පිරි දෙනෙතින් පැවසූ බව වාර්තාවේ.
මෙම ව්‍යාපාරිනියගේ සොයුරා මෙම පුවතට අදාළ වෛද්‍යවරිය සමග දීර්ඝකාලීන පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, ඇය වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා රුසියාවට ගොස් ඇත. මෙම වෛද්‍යවරිය දුටු දින පටන් ඇගේ පෙනුමෙන් වශී වී ඇති සනත් ගුණතිලක කෙසේ හෝ ඔහුගේ දැලට ඇයව හසු කරගෙන ඇත්තේ ඇය ලවා ඇගේ පියාට බලපෑම් කොට වැඩි වැඩියෙන් චිත‍්‍රපට ලබා ගැනීමේ අරමුණින්ය.

සනත් ගුණතිලකගේ සටකපටකම්වලට හසුවුණු මෙම තරුණිය, අවසානයේ තමාගේ දීර්ඝකාලීන පෙම් සබඳතාවය සනත්ගේ ආදරය වෙනුවෙන් පුදකොට ඇත. මෙසේ අනපේක්‍ෂිත ආකාරයට තම ආදරවන්තිය අහිමිවීමෙන් ශෝකයටත්, කළකිරීමටත් පත් මෙම අසරණ තරුණයා මීට හත් අට වසරකට ඉහතදී මෙම ඩුප්ලිකේෂන් පාරේ සුප‍්‍රකට ඇඟලූම් ප‍්‍රදර්ශනාගාරයේ මතුමහල (Roof Top) සිට බිමට පැන සියදිවි හානිකරගෙන ඇත.

මොහු මෙසේ සියදිවි හානිකර ගැනීමට හේතුව අද දක්වා රහසක්ව පැවතුනද මෙය මෙසේ හෝ එළියට පැමිණ අදාළ පුද්ගලයින්ගේ වෙස් මුහුණු ගැලවී යාම තමන්ට ඉතා සතුටක් බව මෙම කෝටිපති ව්‍යාපාරිනිය පැවසා ඇතැයි වාර්තාවේ.
 
Related Posts with Thumbnails